මහජන බදුමුදල් ලක්ෂ 30 ක් වැය කර මීගමුවේ මන්ත්‍රිවරු රටසවාරියේ ?

0
57

kuala-lumpur-05night life malaysiaමීගමුවේ ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රිවරු 16 දෙනෙකු සහ නිලධාරින් 4 දෙනෙකු ඇතුළුව 20 කින් සමන්විත කණ්ඩායමක් 2014 අගෝස්තු 24 වනදා මැලේසියානු සංචාරයක නිරතවිමට නියමිතය.
මේ සවාරිය සදහා ඒකඅයෙකු හට ගුවන් ටිකට් පත් නවාතැන් වෙනුවෙන් රු 130000.00 ක මුදලක් සහ පුද්ගලික වියදම් සදහා දවස් 5 කට ඇමරිකානු ඩොලර් 125 ක් ලැබිමට නියමිතය.මේ සියල්ල දැරිමට නියමිතව ඇත්තේ මීගමුවේ බදු ගෙවන ජනයාගේ මුදලිනි.
මේ ගමන සදහා මීගමුවේ නගර සභාවේ ගණකාධිකාරිවරයා මෙන්ම ඉජිනේරුවරයාද එක්විමට නියමිතය.
එමෙන්ම මහජනයාගෙන් පගා ගැනිම් ගැන මහත් ප්‍රසිද්ධියට පත්ව ඇති තාක්ෂණික නිළධාරියෙකුද මේ ගමනට එක්ව සිටිති.