මහජන බදුමුදලින් මාධ්‍ය සංදර්ශණ පැවැත්විම ????

0
110

( 7.15 am ) මීගමුව නගරය තුල බදු මුදල් වැය කිරිම අද නගරයේ සංවර්ධනය පිළිබද විධිමත් සැලැස්මක් මත ප්‍රඛතා හදුනාගෙන කරනු ලබන වැඩසටහනක් වෙනුවෙන් එහෙම පිටින්ම මාධ්‍ය සංදර්ශණයක් පමණක් වි තිබේ.
එහි මුඛ්‍ය පරාමාර්ථය වනුයේ මැරයා වුණත් අවුරුදු 10 ක් නගරයේ දේපල කොල්ලා කා හෙංචයින්ට සැප විදින්නට දි බදු මුදල් විනාශ කලත් දැන් මං හොදයි කියා රටට පෙන්විමය.
නගරයක් විධිමත්ව සංවර්ධනය කිරිම යනු මාධ්‍ය සංදර්ශණ වලට එහා ගිය බරපතල වගකිමකි.එය සිදුකළ යුතු වන්නේ සැලැස්මකට අනුවය.
එය විද්‍යාණුකුල එකක් විය යුතුය.
තතු එසේව තිබියදි ලුකුණු දා ගැනිම වෙනුවෙන් දැන් මහජන බදු මුදල් ලොස් නැතිව විසි කරන අයුරු සාක්ෂි සහිතව වත්මන් නගර සභා පාලනය විසින් ඔප්පු කරමින් සිටි.ඒ සදහා රිසි සේ මහජන මුදල් වැය කරති.
.
දළුපොත යනු පැවැති ලංසා පාලන සමයේ වැඩිම නිතිවිරෝධි වැඩ ගොන්නක් නිසා ජනතාව වැඩියෙන්ම පිඩාවට පත්වු ප්‍රදේශයයි.

1.වැඩිම අනවසර ඉදිකිරිම් ප්‍රමාණයක් සහිත විම . කොටින්ම කියන්නේ නම් කාණු මත ඉන්ධන පිරවුම් හල් ඉදිකිරිමට පවා පැවැති ලංසා පාලනය විසින් ඉඩලබාදි තිබිම පෙන්වා දිය හැකි එක් උදාහරණයක් පමණි.දෙපා ඇල පිරිසිදු කරනවා යැයි කියා මහජන බදුමුදල් වංචා කොට එය සිදුකර නොතිබිම ගැන හොදින්ම දන්නා කෙනා වන්නේ මීගමුවේ ශ්‍රිලනිප සම සංවිධායක එම් . සකාවුල්ලාය.එහෙත් දැන් ඔහු ලංසා පාලනයේ සුවච කිකරු ගෝලයා බවට පත්ව ඇති නිසා දැන් ඔහුට මේවා අමතකවි ඇති බවද අප හොදින්ම දනිමු.

2.පසුගිය වසරේදි වැඩිම ඩෙංගු රෝගින් ප්‍රමාණයක් වාර්ථා වු මීගමුවේ මහජන සෞඛ්‍ය පරික්ෂක කොට්ටාශය වන්නේද දළුපොතයි.
දයාන් ලංසා යනු වසර 8 ක් එක දිගට මීගමුව මහනගර සභාවේ සෞඛ්‍ය කමිටුවේ සභාපතිවරයාය.
මුළු මිගමුව පසුගිය වසරේ ඩෙංගු අධිවසංගත තත්වයක් කරා ගෙනයාමට මුල්ව දයාන් ලංසා දැන් මේ සිදුකරන ලබන සංදර්ශන වලින් කියා සිටින්නේ කුමක්ද ?
මිපුර අපි පමණක් මේ තිත්ත ඇත්ත මීගමුවේ පාඨකයා හමුවේ නිරන්තරයෙන්ම හෙළිදරව් කරමින් සිටියදි මීගමුවේ ඇතැම් මාධ්‍යවේදින් යැයි කියා ගන්නා පගර නැට්ටන් පිරිසක් කාසයා බි ගොළුවන් සේ රගති.ඒ පිටුපස ඇති තිත්ත ඇත්තද අප හොදින්ම දනිමු.
මේ ආකාරයෙන් මහජන බදු මුදලින් මේ සංදර්ශන පවත්වනු ලබන දයාන් ලංසා යනු 2015 රට තුල ස්ථාපිත කළ යහපාලනය තුල මහනගර සභා භුමියේදිම මැරයන් යොදවා මාධ්‍යවේදියෙකුට මරාන්තික ප්‍රහාරයක් එල්ල කරන ලද පළමු පුද්ගලයා ලෙසින් මිගමුවේ පමණක් නොව ලංකාවේම ඉතිහාසයට එක්වු කුප්‍රකට දේශපාලකයාය.

පල්ලියක මංගල්‍යයක් යැයි කියා දින 10 ක් දැන් තවත් සංදර්ශනයක් පටන් ගෙන ඇත්තේද දළුපොත ග්‍රාමය තුලිනි.
ඉතින් මින් කියැවෙන්නේ කුමක්ද ?
dalupotha 1

දවසකට එක වැඩක්” වැඩසටහන යටතේ අද උදෑසන සිට ජුනි මස 16 වන දිනට යෙදී ඇති ශුද්ධවු අන්තෝනි මුනිදුන්ගේ මංගල්‍යය නිමිත්තෙන් වීථි සංචාරය කරනු ලබන දළුපත ග්‍රාමයේ මාර්ග පිරිසිදු කිරීමේ කටයුතු,වීථි ලාම්පු අලුත්වැඩියාව සහ ජලය ගලා නොබසින ස්ථාන විධිමත් කිරීම ආදී නගර සභාව මගින් ඉටුවිය යුතු සියලුම නඩත්තු කටයුතු 80 දෙනෙකුට වඩා වැඩි සේවක පිරිසක් යොදවා ඉටුකරවා දුනිමි.
දයාන් ලාන්සා – මීගමුව නගරාධිපති.