මහජනතාව කුපිත කළ යතුරු පැදි රැළිය විරෝධය මැද නවතා දැමේ .

0
251

පුණ්‍ය කටයුත්තක් වෙනුවෙන් කල්පිටියේ සිට අනුරාධපුරය දක්වා පැවැත්වීමට නියමිතව තිබූ යතුරුපැදි රැළියක් ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්හිටුවා තිබෙන බව නිව්ස්වයර් වෙබ් අඩවිය වාර්ථා කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් කර තිබුනේ ‘ස්පින් රයිඩර් ක්ලබ්’ නමැති පෞද්ගලික යතුරුපැදි සංවිධානයට මෙම රැළිය පැවැත්වීම සඳහා අවසර ලබාදී ඇති බවය.
මාර්තු 17 සිට 19 දක්වා අදියර දෙකක් යටතේ මීරිගම සිට කල්පිටිය හරහා අනුරාධපුරය දක්වා යතුරුපැදි රැළිය පැවැත්වීමට අවසර ලබාදී ඇති බව පොලිසිය සිය නිවේදනය මගින් කියා ඇත.

නීත්‍යානුකූලව ලියාපදිංචි වූ සංවිධානයක් සහ පුණ්‍ය කටයුතු සඳහා රැලිය පැවැත්වීම සඳහා කොන්දේසි කිහිපයක් යටතේ අවසර ලබා දී ඇති බව ශ්‍රී ලංකා පොලිසිය වැඩිදුරටත් ඒම නිවේදනය මගින් අවධාරණය කර තිබේ.

රැළියේ පළමු අදියර ඊයේ මීරිගම සිට කල්පිටිය දක්වා පැවැත්වුණා. කෙසේ වෙතත්, රටම ඉන්ධන හිඟයකට මුහුණ දී සිටින අවස්ථාවක මෙවැනි රැළියකට පොලිසිය සහ රජය අවසර ලබා දීම හෙළා දකිමින් මහජනතාව එම ක්‍රියාමාර්ගය හෙළා දැක තිබුණ බව මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි.
මෙම රැළිය සඳහා අවසර ලබාදීම සඳහා පොලිසිය පනවා තිබූ කොන්දේසි රැසක් යතුරුපැදිකරුවන් කිහිප දෙනෙකු විසින් කඩකර ඇති බවද වාර්තා වේ. ඒ අනුව අද සිට හෙට දක්වා කල්පිටියේ සිට අනුරාධපුරය දක්වා පැවැත්වීමට නියමිතව තිබූ රැළියේ දෙවන අදියර අත්හිටුවීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කර තිබේ. රැළිය සඳහා කොන්දේසි කඩකළ යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසද පොලිසිය අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

මෙවැනි වැඩසටහනක් ඉහලම දේශපාලන හයියක් නැතිව සිදුකිරිමට කොහෙත්ම ඉඩක් නැති බව අත්දැකිමෙන් දන්නා මහජනයා ඒ් ගැන ප්‍රසිද්ධියේ මාධ්‍ය වෙත අදහස් පළකර තිබුණ අතර ක්‍රිඩා ඇමැති නාමල් රාජපක්ෂ පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රතිචාර දක්වා තිබුනේ තමන් එයට සම්බන්ධ නැති බවය.

කෙසේ වෙතත් ජනතාව පාරවල් ගානේ නිදාමරාගෙන ඉන්ධන පෝලිම් වල ලගිද්දි දේශපාලකයන්ගේද අනුග්‍රහයෙන් ක්‍රියාත්මක ඇති මෙම සුපිරි කාර් සහ යතුරු පැදිවෙනුවෙන් ඉන්ධන සැපයිමට වෙනම බවුසරයක් පිටුපසින් ගමන් කර ඇත.

මුලාශ්‍රය -(NewsWire)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here