මහමොළකරුවා කව්ද ?

0
194

බලලෝභිත්වය වෙනුවෙන් මේ ම්ලේච්ඡ ප්‍රහාරය මිට වසර 2 කට ඉහතදි සිදුකර ඇතැයි දැන් ආගමික නායකයන් විසින්ම පවසන්නට යෙදි ඇත.අද දවස පුරාම මිගමුවේ විවිධ සිහිකිරිම් මෙන්ම විරෝධතාවයන්ද පැවැත්විණි.සවස්වරුව වෙන්ව තිබුනේ දහස් ගණනක් වු ගරු පියතුමන්ලා සහ කන්‍යා සොහොයුරියන්ද අනෙකුත් ආගම්වල පැවිදි තුමන්ලාද සහභාගිත්වයෙන් පැවැත්වෙන දැවැන්ත පෙරහැරකි.පාස්කු ඉරුදින ම්ලෙච්ඡ ප්‍රහාරයෙන් දිවි අහිමිවුවන්ගේ ඡායාරුපද රැගෙන මේ පෙරහැරේ ගමන්ගත්තේ ගරු පියවරුන් සහ කන්‍යා සොහොයුරියන්ය.අද සවස 4.30 ට පමණ මිගමුව මාරිස්ටෙලා විදුහල්භුමියෙන් ඇරඹි පෙරහැර කටුවාපිටිය දක්වා ගමන් කිරිමට නියමිතය.