මහසභා තීරණවලට එරෙහිව යන විහිළුකාර මන්ත්‍රිවරු

0
51

මීගමුව මහ සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරු ක්‍රියාත්මක වන්නේ පිස්සන්ට හැතැප්ම නැති ගානටය.මහසභාවේදි ගනු ලබන තිරණ වලට කිසිදු අනුකූලතාවයකින් තොරව නගර සභාවෙන් පිටත තවත් ඒක පුද්ගල මහනගර සභාවක් ක්‍රියාත්මක වන්නා සේය.

මීගමුව මහජනයා හට සිය ආදරයේ නාමයෙන් රාජපක්ෂ මුදලිදු ලබාදුන් අක්කර 6 ක රාජපක්ෂ උද්‍යානය නිමල් ලංසාගේ පාලන සමයේ සිට මහත්   වු අර්බුදයකට ගියේ කිසිදු පැහැදිලි සැලැස්මකින් තොරව සල්ලි හම්බ කිරිම පමණක් ගැන සලකා සිදුකරන්නට ගිය ව්‍යාපෘති හේතුකොටගෙනය.

මේ නිසා මහජනයාට එය පරිහරනය කිරිමට තිබු  ඉඩ වසර ගණනාවකට අහිමිකරමින් රාජපක්ෂ මුදළිදුතුමාගේ  සියළු අහිප්‍රායන්ට එරෙහිව ලංසා පාලනය කටයුතු කලේය. ඒ මහනගර සභාවට මිලියන ගණනක සිදුකළ මුල්‍ය පාඩුවලට අමතරවය.

මේ සියළු තත්වයන් සැලකිල්ලට ගනිමින් 2012 .08.08 වනදා මහසභාවට හිටපු විපක්ෂ නායක රොයිස් විජිත මහතා විසින් ගෙන එන ලද යෝජනාව ආණ්ඩු පක්ෂයේද එකඟතාවයෙන් සම්මත විය.එයට අනුව රාජපක්ෂ උද්‍යානයට අදාලව ඇති අධිකරණමය ක්‍රියාමාර්ග ඇතුළු සියළු ප්‍රශ්ණ නිරවුල් වනතෙක් කිසිදු සංවර්ධන කටයුත්තකට අතනොගැසිය යුතු බවට එදා සභා සම්මත විය.

එහෙත් මේ තිරණයට එරෙහිව යමින් පළාත් සභා අමාත්‍ය නිම්ල් ලංසා මහතාගේ ප්‍රතිපාදන යටතේ රාජපක්ෂ උද්‍යානයේ දැවැන්ත ගස් පවා උදුරාලිමින් නව සංවර්ධන ව්‍යාපෘතියක් දැන්  ක්‍රියාත්මකව ඇත.

මීගමුව මහනගර සභාවෙි ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන්ගේ වෘත්තිය සදාචාරය කෙතරම් පිරිහි ඇත්ද යන්නට ඕනෑ තරම් උදාහරණ අප විසින් අවස්ථා ගණනකදිම මතු කර තිබුනද මේ විශේෂිත කරුණ ගැන අපගේ පාඨක අවධානය යොමුකරවනු ලබන්නේ මීගමුව මහනගර සභාව අද පත්ව ඇති තත්වය පෙන්වා දිම සදහාය.

2012 නොවැම්බර් 06 වෙනිදාට යෙදෙන මහ සභාවට යෝජනාවක් ගෙන එමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රි සේපාලක මොරවක මහතා පවසා සිටින්නේ 2012.08.08 දින රාජපක්ෂ උද්‍යානයේ සංවර්ධන කටයුතු නොකළ යුතුයැයි සභාව විසින් ගනු ලැබු තින්දුව පරිච්චින්න කරමින් කළ යුතැ යැයි කියමිනි.

එතනින් නොනවතින සේපාල මොරවක මන්ත්‍රිවරයා මහ සභාවට යෝජනා කරසිටින්නේ රාජපක්ෂ උද්‍යානයේ  සංවර්ධන කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බැවින් එකි කොත්ත්‍රාත් සමාගමට රු ලක්ෂ 50 ක අත්තිකාරම් මුදලක් ගෙවිය යුතු බවය.

නිමල් ලංසා ඇමතිවරයාගේ  උපදෙස් ක්‍රියාත්මක කරන්නට ගොස් මීගමුවට තිබු එකම සුන්දර මල් උයන වසා දමන්නට තරම් තත්වයක් උද්ගතව තිබියදි මහසභා තින්දුවලටද පටහැනිව යමින් යළිත් මේ නටන්නට හදන ව්‍යාපෘති නාඩගම පසුපස තිබෙන්නේ තමන්ගේ කොමිස් කුට්ටිය වෙනුවෙන් වු නොතින් අසාවද යන්න අපට මේ යෝජනාව ගෙන එන්නට අත්සන් තබා ඇති සියළු මන්ත්‍රිවරුන්ගෙන් අසන්නට සිදුව තිබේ.

මේ යෝජනාව සදහා ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් වන කපිල නන්ද සුලෝචන.ෂෙල්ටන් ප්‍රනාන්දු.නිලංගද සිල්වා.දයාන් ලංසා.සහ ඉසේඩ් පරිස් අත්සන් තබා තිබේ.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් සහ විපක්ෂ මන්ත්‍රිවරුන් 15 දෙනෙක් සිය බිරින්දෑවරුන්ද පෙරටු කොටගෙන මෑතකදි ගිය ඉන්දියානු සංචාරයේ බරපැන හා සේපාල ම්න්ත්‍රිවරයා ගේ යෝජනාව අතර ඇති සම්බන්ධය ගැන එළියේ දැනට සිදුවෙමින්  ඇති කටකතා ගැන ඇත්තද.

මේ ගමනට සිය බිරඳ ද සමගින් එක්වන්නට සිටි සේපාල මන්ත්‍රිවරයා අවසාන මොහොතේ සිය ගමන අවලංගු කර ගත් අතර ඒ බරපැන වෙනුවෙන් වු මුදල අදාල දේශපාලන සර්වබලධාරින්ගෙන් ලබාගත්තේදැයි දන්නේ ඔහුම පමණි.