මහා පරිමාණ දඩමස් ව්‍යාපාරයක් දැලේ. එක් අයෙකුට 30,000/ ක් දඩ…

0
233

Screenshot_20201208_081807

(11.00 am ) කලක් තිස්සේ පවත්වාගෙන ගිය දඩමස් ව්‍යාපාරයක් පිළිබඳව ලද තොරතුරක් මත එය හඹාගෙන ගොස් නීතියේ රැහැනට හසුකර ගැනීමට වනජීවී නිලධාරීහු සමත්වී ඇත. කුරුණෑගල, කෑගල්ල යන ප්‍රදේශ වලින් මෙම දඩමස් ගෙනැවිත් ඔවුන්ගේ හොර තිප්පලවලට බෙදා හරින බව අඩවි වන නිලධාරී ලසන්ත ගුනවර්ධන මහතා පවසයි.

මේ අනුව සැප්තැම්බර් 5 වන දින මස් ජාවාරම් කරුවන් විසින් ත්‍රීවිල් රථයක ප්‍රවාහනය කරමින් තිබුනු දඩමස් තොගය සීදූව, දඬුගම් ඔය පාලම අසලදී බස්නාහිර කලාප වැටලීම් අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙ⁣දෙනෙකු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරඇත. මෙහිදී එක් සැකකරුවෙකු වැරැද්ද පිළි නොගත් අතර ඉන් එක් අයෙකුට රු. 30,000/ උපරිම දඩයක් ගරු මහේස්ත්‍රාත් තුමා විසින් නියම කර ඇත.
විවිධ අය විවිධ ස්ථාන වලදී දඩමස් පිළිබඳව කතාබහ කරනු මා දැක ඇත. එසේම මීගමුව සහ ඒ අවට ප්‍රදේශ වලද විශේෂයෙන් වල්ඌරුමස් ලබාගත හැකි තිප්පොලවල් තිබෙන බවද කතාබහට ලක්වේ.

වල් ඌරුමස් යැයි කී විට සමහර අයගේ කටට කෙළ උනන නමුත් සමහරු අනේ ! අපොයි! කියා දුක්වන බව අපි දනිමු. මන්ද එය අපරාධයක් වන බැවිනි. මහ වනාන්තරයේ නිදහසේ දිවිගෙවන අහිංසක සතෙකු මරාගෙන විත් ඉන් මුදල් සෙවීම ප්‍රබල ජාවාරමක් වී ඇත. මෙවැනි ජාවාරම් කරුවන් ගැන විමසිල්ලෙන් සිට නීතිය ඉදිරියට පැමිණවීම ගැන අඩවිවන නිලධාරී ලසන්ත ගුනවර්ධන මහතා ඇතුළු කාර්‍ය මණ්ඩලය කරන කැපවීම අගය කළ යුතුය.

සැම්සන් ඥානසිරි