මහින්ද ගේ පුංචි ඇගිල්ල සහ පුංචි අපිට දැන් තේරෙයි…..

0
210

MRමහින්ද රාජපක්ෂ අකුරැස්සේ දී අපට බොහෝ දේ පැහැදිළි කර දුන්නේය. ඔහුගේ ඇගිල්ලේ එල්ලුනේ ඔහුගේ අත අල්ලන්නට පොරකන වහලුන්ගෙන් එකෙක් බවත්, ආදරේට බවත් ඔහු කියා සිටියේය. එසේම ඇගිල්ලේ එල්ලුණු පුද්ගලයා හොදට අඩියක් ගසා සිටි ශ්රීලංකා නිදහස් පක්ශයේ පාක්ෂිකයකු බවත් ඔහු කියා සිටියේය.. මෙය මහින්ද රාජපක්ෂ ගේ රැස්වීම් කෙරුවාව සහ ඔහුගේ රැස්වීම් වලට සෙනග ඇදීමට ඔහු සහ ඔහුගේ පක්ෂයේ හොර නඩය පසුගිය ජනාධිපතිවරණයේ සිට ගෙනගිය ක්රියා පිළිවෙත මනා ලෙස ඔප්පු වෙන එක්තරා සිදුවීමකි. මහින්ද ගෙ රැළිවලට පිස්සු හැදෙන සෙනගක් එනවා යැයි ඔහු මෙන්ම ඔහුගේ හොර නඩය පසුගිය ජනාධිපතිවරණයේ දී පවා අපට පෙන්වා දුන්නේය. නමුත් ඔවුන් එනවා නොව ගෙන්නනවා යන්න බය්යන් නොවන සියල්ලෝම‍ හොදින්ම දැන සිටියහ. අරක්කු බෝතලයක් කෑම පාර්සලයක් සහ අතට තව ගතමනාවක් දෙන විට, මේ හිගන දූපතේ බහුතරයක් පිරිමින් ඕනෑම තැනකට අද්දවා ගැනීමට හැකිය. මහින්ද රාජපක්ෂ විසින් පසුගිය කාලය පුරාවට සිදු‍කළෛ් එම ජඩ ක්රියා පිළිවෙතයි. අරක්කු බෝතලයක් දී, කෑම පැටකට් එකක් සහ ගතමනවාක් දි එසේ ගෙන්වා ගත් සෙනග, මාධ්‍යවලින් පෙන්නා තම ජයග්රහණය ස්ථිර බව මහින්ද එදා ජනාධිපතිවරණයේ දී කියා සිටියා මෙන්ම, අදත් කියා සිටි.

කණ පැලෙන්නට බී රැස්වීමට එන මෙවැනි මිනිසුන් ගේ සංස්කෘතියක් බිහිකළ මහනිද රාජපක්ෂ සහ හොර නඩය තේරුම්ගත යුතු සත්‍යය නම්, එවැනි බීමත් මිනිසුන් ඇගිල්ල පමණක් මිරිකා නොනැවතී මහින්ද ගෙ ඇට දෙක මිරිකන්නටත්, බොහෝ දුරට බෙල්ල මිරීකීමටත් ඉඩ ඇති බවය. මන්ද යත් ඔවුන් බිමත් මිනිසුන් පිරිසක් බැවිනි. එවිට මහින්ද රාජපක්ෂට කඩේ යමින් බඩ වියත රැකගන්නා උෟරුවංශ වැනි අධමයන්ට එය ජාත්‍යන්තර කුමන්ත්රණයක් ලෙසත්, මහින්ද රාජපක්ෂ නම් ජාතී මූලක නායකයාට ජීවිත තර්ජනයක් ඇති බවත් කියා බය්යන්ට ආතල් දිය හැකිය.

දෙවැනි කරුණ නම්, මහින්ද රාජපක්ෂ තම ඇගිල්ල මිරිකූ පමණින් ඔහුගේ ම වචනයට අනුව ආදරය නිස අත ඇල්ලීමට පැමිණි ශ්රීලංකා නිදහස් පක්ෂයේ ආධරකරුවෙකි ඇගිල්ලේ එල්ලුණු පමණින්, සිය්ල්ල අමතක කොට අත මිට මොලවා ඔහුට පහර දෙන්නට තරම් කිපුණේය. ඔහු එ් ජාතියේ නායකයෙකි. ඒ අනුව ඔහු රට පාලනය කළ වසර 10 පුරාවට ඔහුගේ ඇගිල්ල මිරිකුවාට වැඩි අයුරින් ඔහුට රිද්ද වූ මාධ්‍යවේදින්ට, කලාකරුවන්ට, සිවිල් සංවිධාන සාමාජිකයන්ට කොහොම නෙළන්නට ඇත්දැයි අපට සිතාගත හැකිය. ඔහු වටා සිටි වහල්ලුන්ට, එනම්, ඔහුගේ අමාත්‍ය මණ්ඩලයට කොහොම නෙළන්නට ඇත්දැයි සිතා ගත හැකිය. එක්නැලිගොඩට, ලසන්තට, සහ අනෙක් මාධ්‍යවේදීන්ට සිදු වූ දේ දැන් අපට සාක්ෂිවලින් තොරව ඔප්පු කරගැනීමට හැකිය. ඇගිල්ල මිරිකා රිද්දුවාට වඩා ජනවාරී අ‍ටවෙනිදා ඔහුගේ ජනාධිතිකම නැතිකිරීමෙන් සිදුකළ දැවැන්ත රිදවීම හමුවේ ඔහු කොයිතරම් ප්රචණ්ඩ වේනනට ඇත්දැයි දැන් අපට සිතාගත හැකිය. අවාසනාවකට අපට ඒවා බලන්නට ඒවා ආවරණය කරන්නට මාධ්‍ය කණ්ඩායමක් නොවීය. එසේ නොවුණා නම්, මහින්දට වචනයකින් හෝ රිද්ද වූ අයට මහින්ද රාජපක්ෂ සැලකූ ආකාරය අකුරැස්සේ දී මෙන් සජීවීව අපට බලාගන්නට තිබුණි.

මර්වින් සිල්වා නම් ගල් මූසලයා දැන් පවසන්නේ ඔහුට බිම දමාගෙන අතින් පයින් පහර දුන් බවත්, මහින්ද රාජපක්ෂ යනු බීමත් වූ පසු තිරිසනෙකු මෙන් හැසිරෙණ පුද්ගලයකු බවත්ය. සුසිල් ප්රේම්ජයන්ත් නම් පවස්නේ ඔහුට කිසිවෙක් පහර දුන්නේ නැති බවකි. මේ අමාත්‍ය මණ්ඩලයේ මහින්ද ගෙන් ගුටි නොකෑ අයකු සිටිය නොහැකි බව මගේ පුද්ගලික මතයයි. කෙසේ වෙතත් මේ ඒකාධිපතියාගේ වියරු ජඩ පාලනය තව දුරටත් මේ රට තුළ ජයගැනීමට ඉඩ නොතැබිය යුතුය. එසේ ‍විය යුතුයැයි සිතන බය්යන්ට අප කියා සිටින්නේ, තමන්ගේ ස්වාමීයා අහිමිවීමෙන්, තමන්ගේ වහල් බාවය අහිමිවීමෙන්, කස පහර අහිමිවීමෙන්, පීඩනනය අහිමිවීමෙන් මේ දැනෙන හිස් බව මග හරවා ගැනීමට තමන්ම ලණුවක් සොයාගෙන, තමා විසින්ම ගස් බැදගෙන තමන් විසින්ම කසයක් ගෙන තලාගන්නා ලෙසය.

ඉන්දික ගුණවර්ධන