මහින්දගේ කටවුට් එක ගැලවිමට කටාන පොලීසිය ප්‍රමාද ඇයි ?

0
92

මීගමුව – දිවුලපිටිය පාරේ ඇවෙන්ඩ්‍රා හෝටලය අසලින් සෙල්ලකනද පාරට හැරෙන වත්තේ  මෙම කටවුට් එක දැනට  සතියක පමණ කාලයක සිට ප්‍රදර්ශනය කරමින් ඇත. පොහොට්ටුවෙන් මිගමුව නගර සභා ඡන්දයට තරග වදින අපේක්ෂකයන් දිගින් දිගටම මැතිවරණ නීති කඩකරමින්  ජනතාව මුලාකිරීමේ ප්‍රචාරන කටයුතු වල යෙදී සිටින   බව අප දිගින් දිගටම වාර්තා කර සිටියෙමු. මෙම නීතිවිරෝධි කටවුට්  ගැලවිමට  කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ජනවාරි 20 වනදා  කටාන පොලීසියේ මැතිවරණ රාජකාරී අංශයට  අප විමසා සිටියෙමු. එවිට අදාළ නිලධාරිණිය පැවසූවේ එවැනි  කටවුට් එකක් ගැන තමන් දැනුවත් වී නොමැති බවයි. අද 22 වනදායි. තවමත්  සෙල්ලකනද පාරට හැරෙන වත්තේ  මෙම කටවුට් එක ගලවා නොමැත. අපට මෙයින් හැගියන්නේ  කටාන පොලීසිය මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විමට ප්‍රමාද වන බවයි. මෙයට  හේතුව  කුමක්ද? පාක්ෂිකභාවය ද? නැතිනම් වෙනත් හේතුවක් ද? බලවත් හස්තයක බලපෑමක්ද ?DSC_0050new