මහින්දගේ නව බලවේගය පිටුපස බැසිල් ? බැසිල් පිටුපස මීගමුවේ දේශපාලකයෙකුත් ?

0
56

MR meetingකුරුණෑගල කේන්ද්‍රකොට ගනමින් පසුගිය කාලය තුල ක්‍රියාත්මක වු හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ  විපක්ෂ බලවේගයේ වැඩ පසුගිය කාලය තුල මීගමුව කේන්ද්‍රෙකාට ගනිමින් ක්‍රියාත්මක වන්නට පටන්ගෙන ඇති සෙයකි.
පිට පිට දෙවන වතාවටත් මහින්ද රාජපක්ෂ මහතා පෙබ 14 වනදාට මීගමුව කොච්චිකඩේ රැනෝවේල් හෝටලයට පැමිණිමට නියමිතය.
මේ සියලු සංවිධාන කටයුතු පිටුපස සිටින්නේ බැසිල් රාජපක්ෂය යැයි මීගමුවේ දේශපාලන ආරංචි මාර්ග සනාථ කර සිටි.
කාලයක් තිස්සේ දේශපාලනයෙන් ඉවත් වන්නේ යැයි කියමින් නිහඩව සිටි බව පෙන්වු බැසිල් රාජපක්ෂ මහතා  අවශ්‍ය ගෙදර වැඩ ටික නිමකරගත් පසු දැන් කරලියට පැමිණ තිබේ.
රට හැර ගියදා පටන් ඔහු ඉතාමත් සමිපව ඇසුරු කරන ලද ගම්පහ දිස්ත්‍රික් දේශපාලකයෙකු විය.
ඔහු ලංකාවට පැමිණ දිනයේදි ඔහු පිළිගන්නට බස්වලින් සෙනග ඇද්දේ ඔහුය.
එපමණක්ද නොව පසුගිය දිනක මුල්‍ය වංචා විමර්ශන ඒකකයට බැසිල් රාජපක්ෂ ගිය අවස්ථාවේදි ඔහු සමිපයෙන්ම සිටියේ ද මේ දේශපාලකයාය.
මීගමුව කොච්චිකඩේ රැනොවෙල් හෝටලයේ පැවැති සහ පැවැත්විමට නියමිත රැස්විමවලදි මේ  දේශපාලකයා කරලියට නොපැමිණියද තිරය පිටුපස ප්‍රධාන චරිතයක් රගපාන්නේ අතදිගහැර වියදම් පවා කරමින් යැයි කියන්නේ ද ඔහු නියෝජනය කරන කුටුම්භයේම සිටින දේශපාලකයන්ය.
සර් ගෙබ්බන්ව නම් ගන්න එපා යැයි පසුගිය පෙබරවාරි 04 වෙනිදා පැවැති රැස්විමේදි කියා සිටියේ ගාල්ල ප්‍රදේශයේ සිටි හිමිනමකි.
ඒ හිමියන් කියන්නට ඇත්ත කා ගැනදැයි එතරම් පැහැදිලි නැතත් දවල් මිගෙල් රැ දනියෙල් යැයි කතා ද දැන් ඇසෙන්නට පටන් ගෙන ඇතේතේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතැම් දේශපාලකයන් ගැනමය.