මළවුන් සිහිකිරිමටත් එරෙහිවු කතෝලික පියනමක්

0
129

1989 භිෂණ සමයේ නිදහස් වෙළද කලාප කම්කරුවෙක් සහ ඔහුගේ නිති උපදේශක වරයා රද්දොළුව මංසන්ධියේදි ඝාතනය කර පුලුස්සා දමා තිබිණ.මේ ක්‍රියාධරයන් සහ මෙරට භිෂණ සමයේ අතුරුදහන් වුවන් සැමැරිම වෙනුවෙන් විශේෂ ස්මාරකයක් 2000 වසරේදි රද්දොළුව මංසන්ධියේදි ඉදිකෙරුණි.එහි මේ ප්‍රදේශයේ අතුරුදහන් වුවන් සිය ගණනකගේ ඡායාරූපද අලවා තිබේ.1992 සිට සෑම වසරකම ඔක්තෝබර් 27 වනදා මේ සැමරුම සිදුකරනු ලැබු  අතර මේ සදහා සාන්ත සිසිලියා දෙව්මැදුරේ සිරිල් ඇන්ටනි පියතුමා විසින් පුර්න සහය ලබා දි තිබුනේ එකි දෙව්මැදුරු භූමිය සිය දරුවන් අහිමි වු දෙමාපිය නෑ සිය මිතුරන්ට දානමාන කටයුතු කිරිමටත් ඒ සදහා බෞද්ධ භික්ෂුන්ටද ඊට සහභාගිවිමට ඉඩ සලසමිනි.

අතුරුදහන් වුවන්ගේ මාපිය දුදරු එකතුවේ මෙවර ඔක්තෝබර් 27 සැමරුමේ කටයුතු සංවිධානය කිරිම සදහා රද්දොළුව මංසන්ධියට ගිය අවස්ථාවේ දැකගන්නට ලැබුනේ ඇස් අදවා ගතනොහැකි දසුනකි.එනම් වසර 21 පුරා සිදුකල අතුරුදහන්වුවන් සමරා මලක් පුදන්නට තිබු ඉඩ අහිමි කරමින් එහි කොන්ක්‍රිට් බැම්මක් ඉදිකර තිබුණු අයුරුයි.මේ තිරිසන් වැඩේ සිදුකලේ කව්ද යන්න විමසා බැලිමේදි දැනගන්නට ලැබුනේ රද්දොළුව පල්ලියේ ප්‍රසාද් පෙරේරා යන කතෝලික පියතුමා විසින් මෙය සිදුකර ඇති බවය.මේ සම්බන්ධයෙන් අතුරුදහන් වුවන්ගේ මාපිය දුදරු එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා අදාල පියතුමාගෙන් මේ සාදාචාර විරෝධි ක්‍රියාව සිදුකලේ ඇයිද යන්න විමසිමේදි පවසා තිබුනේ තමන්ගේ දායක සභාව විසින් මේ විරුත්වය දක්වා ඇති බවය.කෙසේ වෙතත් එතකින් නොනැවතුන පියතුමා මේ කාරණයට  ආලව පොලිසියද කැදවා පැමිණිල්ලක් සිදු  කර තිබුණි.මේ නොහොබිනා ක්‍රියාව ගැන විරෝධය පළ කරමින් ආසියානු මානව හිමිකම් කොමිසම පුවත් පත් නිවේදනයක් නිකුත් කර ඇත.