මාතර පල්ලිය තුල පොලිස් ආරක්ෂාව ඉස්පොල්ලේ යෑම ?

0
1741

matara churchඉස්පොල්ලේ යෑම යෑම අප කියන්නේ අහාර හරි මාර්ගයේ නොගොස් පිට මාර්ගයේ යෑම නිසා ඇති තත්වයයි.
ඕනෑම දෙයක් හරි පාරේ නොයා පිට පාරේ යයි නම් එතන ඇතිවන්නේ බරපතල අවුලකි.
පාස්කු ප්‍රහාරයත් සමගින් කතෝලික පල්ලිවල ආරක්ෂාව වැඩිකරන්නට රජය පියවර ගෙන තිබුණ අතර වත්මන් බලයට පත්විමත් සමගින් රටතුල කිසිදු ආරක්ෂාව පිළිබදව බියක් ඇති කර ගත යුතු නැතැයි කියා සිටියේද ආරක්ෂක ලේකම්වරයා විසින්මය.
ජනාධිපතිවරයාද දැන් දැඩි රැකවල් නැතිවම යාම් ඊම් කරති.
තතු එසේව තිබියදි ලංකාවේ ඇතැම් පල්ලිවල ආරක්ෂාව දැන් ඉස්පොල්ලේ යන  තතවයට පත්ව තිබේ.
මිගමුවේ සිට යුවලක් පසුගියදා මාතර දෙව්මැදුරට ගොස් තිබුනේ නව වසරේ ආරම්භය මාතර දේවමැණියන්ද සමගින් ගතකරන්නටය.
එසේ සිතු මේ දෙපල 31 වෙනිදා පෙරවරුවේ මිගමුව මාතර බස්රථයෙන් බැස සිය ගමන් මළුද සමගින්ම මාතර පල්ලියට ගොස් තිබුණි.
එහිදි මේ දෙපලට කඩාපැන්න පොලිස්කාරයන් දෙදෙනෙකු ගමන් මළු අරන් මේ යන්නේ කොහොදැයි කියමින් සැර දමා තග දමා තිබුණි.
නව වසර නිවසේ දරුමල්ලන් හෝ සමගින් ගත නොකොට මාතර පල්ලියට ගොස් සමරන්නට සිතා සිටි මේ දෙපලට ඇතිව තිබුනේ දැඩි කළකිරිමකි.
පසුව ඔවුන් ඒ කට්ට අව්වේම පල්ලිය ඉදිරිපිට දණගසා සිය භක්තිය පුදා හැරි ගොස් තිබුණි.
එහෙත් මේ පිළිබදව පල්ලියේ පියතුමාටද පසුදාම පැමිණිලිද කොට තිබුණි.
මේ අයුරින් ඇතැම් දේවස්ථානවලදි ආරක්ෂාව ඉස්පොල්ලේ යන තත්වයක් දැන් උදාවි තිබේ.
මේ ගැන නිනව් නැති කාර්දිනල් හිමියන්ගේ දේව ආරක්ෂාවට වඩා යළි යළිත් පොලිස් ආරක්ෂාව ගැන විශ්වාසය තබමින් පසුගිය නත්තලට පල්ලිවලට විශේෂ ආරක්ෂාව ඉල්ලා තිබුණි.
දැන් ඇත්තේ ඒ ආරක්ෂාව ඉස්පොල්ලේ යන තත්වයක් උදාවි තිබිමය.