මාතර පොල්හේන වෙරළ තීරය තහනම් කලාපයක් කෙරේ

0
470

polhena-beach1ජෙලි ෆිෂ් නම් විෂ සහිත මත්ස්‍ය විශේෂය හේතුවෙන් මාතර, පොල්හේන වෙරළ තීරය තහනම් කලාපයක් බවට ප්‍රකාශ කෙරේ.

පසුගිය දින 5 ක කාලය තුළදී  ජෙලි ෆිෂ් මත්ස්‍ය විශේෂය හේතුවෙන් පුද්ගලයන් නවදෙනෙකු ආසාත්මිකතාවට පත්විය.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, සාගර විශ්ව විද්‍යාලය, වෙරළාරක්ෂක බලකාය මෙන්ම පොලිසිය එක්ව ඊයේ මේ පිළිබද විමර්ශනයක් සිදුකළේය.

ඒ අනුව මෙම මුහුදු තීරය පරිහරණය කිරීමෙන් වලකින ලෙස සංචාරකයන්ගෙන් ඉල්ලීමක් කර සිටි.

පසුගියදා මාතර මහරෝහලට පස්දෙනෙකුද,  ඊයේ (21) පුද්ගලයින් දෙදෙනෙකු ද මෙම ආසාත්මිකතාවයට මුහුණ දී රෝහල් ගත කර තිබේ.ලොව පුරා ජෙලි ෆිෂ් විශේෂ රාශියක් සිටින අතර බොහෝ ජෙලි ෆිෂ් වර්ග මද විස සහිත මසුන් ලෙස  සැලකේ.

ජෙලි ෆිෂ් ආසාත්මිකතාවයක් ඇත්නම් ජාතික රෝහලේ ඇති විෂ තොරතුරු මධ්‍යස්ථානයට 0112 686143 දුරකතන  අංක දැනුම් දෙන්නැයි ඉල්ලීමක් කෙරේ.
http://www.lankapuvath.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here