මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙරමුණ ගත් සටන් සගයෙකුගේ හදිසි නික්ම යෑම

0
151

 

2014 නොවැ 30 වනදා වැලිගමදි පැවැති මාධ්‍ය වැඩමුළුවට සිය දියණියද සමගින් පසන් එක්විය.
2014 නොවැ 30 වනදා වැලිගමදි පැවැති මාධ්‍ය වැඩමුළුවට සිය දියණියද සමගින් පසන් එක්විය.

pasan 1pasan 2pasan 3pasan 4pasan 5pasan 6(2000 වසරේ සිට ලක්බිම පුවත්පතේ සහ 2011 වසරේ සිට රිවිර පුවත්පතෙහි මාතර වාර්තාකරු ලෙස සේවය කළේ පසන්ය. පසන් රාමවික‍්‍රම යනු මාධ්‍යවේදීන්ගේ ජාතික එකමුතුව පිහිටුවීමේ මුල් අවස්ථාවේ සිටම එහි ප්‍රගතිය වෙනු‍වෙන් අපමණ කැපකිරීමක් කළ මාධ්‍ය සගයෙකි.සම්මානනීය ඡයාරූප ශිල්පියෙකුද වන පසන් මියයනවිට 50 වැනි වියෙහි පසුවූ අතර දස හැවිරිදි පුතෙකුගේ සහ පහළොස් හැවිරිදි දියණියකගේ සෙනෙහෙබර පියෙකි.ඔහුට ජීවිතය අහිමි වී ඇත්තේ රිය මාතර, වැලිගම, දෙනිපිටියේදී අද පස්වරුවේ සිදුවූ රිය අනතුරක් හේතුවෙනි )

පසන් රාමවික්‍රම නම් වු ඒ සුන්දර මාධ්‍ය සහයා මෙ මුලින්ම ඇසුරුකරන්නට ලැබෙන්නේ ප්‍රාදේශියමාධ්‍යවේදින්ගේ ජාතික එකමුතුවක් ගොඩනැගිම වෙනුවෙන් වාරියපොලදි පසුගිය වසරේ අගභාගයේදි පැවැති රැස්විමකදිය.එකි රැස්වීමෙන් පසු මහත් උද්යෝගයෙන් යුතුව මාතරට යන පසන් ඉතා කෙටිකලක් තුලදි මාතර මාධ්‍යවෙදින්  එක්තැනකට ගොනු කරමින් අළුත් එකතුවකට මුළු පුරනු ලබයි.
එතැනින් නොනවතින ඔහු පසුව මාධ්‍යවේදින්ට වෘත්තිය නිපුණතාවය ලබාදිම වෙනුවෙන් විශේෂ වැඩමුළුවක්ද සංවිධානය කරනු ලබයි. ඒ පසුගිය නොවැම්බර් 30 වනදාය.
ඒ වැඩමුළුව සදහා තම 15 හැවිරිදි දියණියවද කැදවාගෙන එනු ලබන්නේ ඔහුගේ මග යමින් මාධ්‍යකරණ ක්ෂේත්‍රයේ අත්දැකිම් ලබාදිම වෙනුවෙනි.
එම හමුවේදි මාධ්‍යවේදින් විසින් කරන ලද ඉල්ලිමකට අනුව මාධ්‍යකරණයේදි දැනගත යුතු මුලික නිතිමය අවබෝධය පිලිබදව වැඩමුළුවක් සංවිධානය කිරිම සදහා මේ මස 12 වෙනිදාට මුලික සාකච්ජාවක් පවත්වන්නට දින යොදාගෙන සිටියෙමු .ඒ සදහා ඔහුගේ හිතවත් නිතිඥ මිතුරුන් කිපදෙනෙකුද පැමිණිමට එකඟතාවය පළ තිබුණි.
මෙම හමුව පිළිබදව දින තින්දු කරගැනිම සදහා මා විසින් අවසන් වරට පසන් අමතා සිටියේ පෙබරවාරි 08 වෙනිදා පෙරවරු 11.49 ටය.
ඒ අවස්ථාවේ ඔහු සිටියේ මාතරදි පැවැති රැස්විමක් ආවරණය කරමිනි.
ඒ පසන්ගේ මිත්‍රත්වය පිරුණු හඩ අවසන් වරට ඇසු මොහොත යැයි මා කෙසේ නම් දැන් විශ්වාස කරන්නද ??
පෙබරවාරි 8 වෙනිදා රාත්‍රි 10.30 පමණ පසන් අනතුරකින් මිය ගොස් ඇති බව මුලින්ම කිවේ සමන්වගආරච්චි සහෝදරයාය.
මාධ්‍ය නිදහස වලපල්ලට යැවු මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව ලංකාෙවෙ අවසන් වරට සංවිධානය කෙරුණ උද්ගෝෂණයට ද පසන් එක්ව සිටියේය.
ඒ ලසන්ත වික්‍රමතුංගගේ ඝාතකයන්ට දඩුවම් ලබාදෙන ලෙස ඉල්ලමින් මේ වසරේ ජනවාරි 06 වෙනිදා කොළඹ කොටුව දුම්රිය පළ ඉදිරිපිටදි පැවැති ලසන්ත ඇතුළුව ඝාතනයට සහ අතුරුදහන්කිරිම් වලට ලක්වු උතුරේත් දකුණේත් මාධ්‍ය සගයන් සිහිකරමින් මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුව විසින් සංවිධානය කරන ලද අවස්ථාවේදිය.
පසන්ගේ මරණය කිසිවෙකුටත් තවමත් අදහා ගත නොහැක.
පසන් පිළිබදව දැනටමත් අන්තර්ජාල සටහන් අතරේ ඒ ගැන සටහන් වෙමින් තිබේ.
මේ එවන් එක් සටහනකි.

පසන් !
එක එකා කතා කර කර කියනවා.
උඹ මැරුනලු බං ?
කොහොමද බං එහෙම මැරෙන්නේ ?
උඹ හැමදාම කියනවා වගේ “දැන්ම කොහේ මැරෙන්නද බං පසන්’ !
උඹේ මිනිය මාතර ඉස්පිරිතාලෙලු!
උන්ට පිස්සු.
අපි එනවා උඹ බලන්න
හෙට මාතර .
පිරුණු හිනා මුණයි,
පොලිතින් මල්ලේ දමාගෙන
හැම තැනම අරන් යන කැමරා පලුවයි අරන්
දන්නා කියන තැන ,
පොල්හේනේ සිංහ මුණ රෙස්ටුරෙන්ට් එක ලඟට
ඇවිත් හිටපන්.
හෙට හමුවෙමු මචං !
අජන්ත රත්නායක