“මාධ්‍ය නිදහස සුරකින පාරලිමේන්තුවක් පත්කරමු” ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරය අද කුරුණෑගලදී..

0
46

මාධ්‍ය නිදහස සුරකින පාර්ලිමේන්තුවක් පත්කරමු යන තේමාවෙන් යුක්තව පසුගිය පාලන කාලය තුල අතුරුදහන් කෙරුණු සහ මිලේච්ඡ ලෙස ඝාතනය කරනු ලැබුණු මාධ්‍යවේදී සහෝදරයන් සිහිකරමින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දින කුරුණෑගල ප්‍රදේශයේදී පැවැත්වේ.

මෙහිදී විශේෂයෙන් ඝාතනය කෙරුණු හා අතුරුදහන් කෙරුණු මාධ්‍ය සගයන්ගේ ජීවිත වෙනුවෙන් සාධාරණය ඉටු කරන ලෙස බල කරමින් ජනතා පෙත්සමකට අතසන් ගැනීමේ ව්‍යාපාරයක්ද සංවිධානය කර තිබුණි. ප්‍රදේශයේ ජනතාවගෙන් ඒ සදහා ලැබුණේ  විශාල ප්‍රතිචාරයකි. එලෙසම තොරතුරු දැනගැනීමේ අයිතිය නීතිමය ලෙස තහවුරු කිරීමේ ඇති වැදගත්කම පිළිබදවත් ජනතාව දැනුවත් කිරීම මෙහිදී සිදුවිය. මෙය සංවිධානය කර තිබුණේ මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරී කමිටුව විසින්ය.

පහත දැක්වෙන්නේ එම අවස්ථාවේදී ගත් ඡායාරූප කිහිපයකි.

11831734_860389350713483_5227862700597971132_n

11885172_860389214046830_3035824209009710364_n

11826059_10153555822949704_2066406959901564682_n