මාධ්‍ය සදාචාරය ගැන කියන්න ගිහින් හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඇණ ගත්තු හැටි

0
134

පොලිස් මාධ්‍යජාතික රූපවාහිනියේ මාධ්‍ය සදාචාරය ගැන පැවැති වැඩසටහනකි.එහි අදහස් දැක්විම සදහා පැමිණ සිටියේ හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාය.
ඔහු කියා සිටියේ විශේෂයෙන්ම පසුගිය කාලය තුල සිදුවිම් වලදි මාධ්‍ය හැසිරුණ අකාරය ප්‍රශ්ණ කාරි බවය.
විශේෂයෙන්ම සේයා දැරියගේ සිදුවිම ගැන කියමින් ඔහු ප්‍රකාශ කර සිටියේ මාධ්‍ය විසින් කොන්ඩයා නම් වු පුද්ගලයාව විරයෙකු කළ බවයි.
මේ අතර සේයා ඝාතනයට අදාලව සිරගතව සිට පැමිණ මාධ්‍ය  වෙත සිය පළමු අදහස් දැක්විම කරමින් දුනේශ් කියා සිටියේ තමන්ට කොණ්ඩයා යැයි කිසිදු අනවරත නාමයක් නැති බවත් එය නිර්මාණය කරන ලද්දේ මාධ්‍ය විසින් බවත්ය.
තතු එසේව තිබියදි අපේ හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයාද මේ චාරයක් නැති මාධ්‍යකරුවන්ගේ වලේ වැටුන හැටි නම් අපුරුය.
මාධ්‍ය ආචාරධාර්මික විය යුතු අකාරය ගැන ඔහුට පැහැදිලි අදහසක් ඇතිදැයි අප නම් නොදනිමු.
කෙසේ වෙතත් මාධ්‍ය සදාචාරය ගැන කියන්නට ඇවිත් ඔහුද දුනේශ් නැමැත්තාට කොණ්ඩයා යැයි කිප වරක් රූපවාහිනිය හරහා කිම තුලින් ගම්‍ය වන්නේ කුමක්ද ?
ඔහු තුල සිටිනුයේද ආචාරධර්ම පිළිනොපදින බව   ඔහු ම කියන මාධ්‍යවේදියෙකුගේ  අවතාරය නොවේද ?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here