මාධ්‍ය සදාචාරය නොදන්නා වෙළෙන්දන්ගේ ”මැදපෙරදිග” වෙබ් කඩය

0
73

චමිලා ඝාතනය පිළිබදව අප විසින් පළ කරන ලද පුවතක් එලෙසින්ම ‘මැදපෙරදිග ‘නම් වු වෙබ් අඩවියේ පළ කර ඇත්ෙත් www.meepura.com    වලින් උපුටාගත් බවට කිසිදු සදහනක් නොකරය.
එබැවින් අපට  ඒ බව ඒ අය වෙත කාරුණිකව මතක් කිරීමට සිදුවිය.
එහෙත් කිසිදු ප්‍රතිචාරයක් නැත.
ලංකාවේ සිට විශාල මහන්සියක් දරමින් පළ කරන පුවත් මෙසේ සොරකම් කර තමන්ගේ වගේ පළ කරන මෙවන් වෙබ් වල අරමුණ වන්නේ වෙළදාම සදහා අනුන්ගෙන් හෝ සොරකම් කර පුවත් දමා  ජනප්‍රිය විමය.
ඒ අන් කිසිවක් නිසා නොව ප්‍රචාරක දැන්විම් ලබාගනිමින් වෙළදාමේ යෙදිමටය.
අද උදෑසන අපගේ මේ පුවතේ  නිසි අයිතිය සදහන් කරමින් ලංකාවේ සිට ක්‍රියාත්මක වන ජනප්‍රිය වෙබ් අඩවි  2කක් විසින් පළකර තිබුණි. මාධ්‍ය සදාචාරය යනු එයයි.