මාධ්‍යයට එරෙහිව එජාපේ බෙන්ජමින් අද ගෙනා යෝජනාව නගරාධිපති දයාන් ගේද ?

0
169

මිගමුව මහසභාවේදි එජාප සංවිධායන බෙන්ජමින්ලාගේ නිරුවත් කොයිතරම් දැය අදත් හෙළිවෙන බව අප කියා සිටියේ අප පෙරවරුවේය.

රෙදි ගැලවුන බෙන්ජමින්ලා

අප කල් ඇතිවම හෙළිරදව් කළ පරිදි මිගමුවේ දුෂිත පාලකයන්ව සහ ඇතැම් නිළධාරින්ව ආරක්ෂා කිරිම සදහා කටයුතු කරමින් සිටින ඇතැම් එජාප නාගරික මන්ත්‍රිලාගේ නිරුවත අද රට හමුවේ කදිමට පෙන්වා දි තිබේ.

මෙහිදි මුලිකත්වය ගෙන ඇත්තේ මිගමුව එජාප සංවිධායක සහ පසුගිය මහමැතිවරණයේදි එජාප වෙනුවෙන් මිගමුවෙන් තරග කළ බෙන්ජමින් නැමැත්තෙකි.
ඔහු අද මාධ්‍යයට එරෙහිව යෝජනාවක් ගෙන එමින් කියා තිබුනේ පසුගිය අයවැය විවාදයට අදාල විවේචන පළකර ඇති නිසා මාධ්‍යට එරෙහිව නඩු දැමිය යුතු බවය

රාජපක්ෂ රෙජිමයේ මාධ්‍ය මර්ධනයේ මිගමු කසකරුවා බෙන්ජමින් ද ?

රටම දන්නා පරිදි වත්මන් රාජපක්ෂ පාලනය හමුවේ මාධ්‍ය මර්ධනයකට පසුබිම සකමින් ඇති අයුරු අප ඉතා පැහැදිලිව දකිමින් තිබෙන අතර එයට එරෙහිව මාධ්‍ය සංවිධාන විසින් දැනටමත් එළිපිටම විවෙචන එල්ල කරන්නට පටන් ගෙන තිබේ.

මාධ්‍යවේදියෙකු මහදවල් පහරදිමට කොන්ත්‍රාත්දුන් නගරාධිපතිගේ කරේ අත දාගත්තු බෙන්ජමින්ලා.


මාධ්‍යයට එරෙහිව පොහොට්ටුව එවැනි මර්ධනයක් ගෙන ඒමට මාන බලද්දි එජාපේ මිගමුව සංවිධායකවරයාද මාධ්‍ය මර්ධනයක් කරන්නට යැයි කියමින් අද ඉල්ලා තිබේ.
දෛවයේ සරදම වන්නේ එසේ ඉල්ලා ඇත්තේ ලංකා ඉතිහාසයේ පළමු වරට මාධ්‍යවේදියෙකුට මහදවල් නගර සභාව තුලදිම පහරදිමට කොන්ත්‍රාත්තුව ලබාදුන් නගරධිපති දයාන් ලංසාගෙන් විමය

මාධ්‍යවේදියෙකු පහරදුන් දයාන් ලංසාට එරෙහිව මිගමුව නගරය මැද ප්‍රසිද්ධ පෙත්සමක් අත්සන් කරන නාගරික මන්ත්‍රි බෙන්ජමින් ..

එදා නගරාධිපති දයාන් ලංසා විසින් මාධ්‍යවේදියෙකුට පහර දෙද්දි අද මාධ්‍යයට නඩු දමන්නට යැයි ඒ දයාන් ලංසාගෙන්ම ඉල්ලා සිටින බෙන්ජමින්ගේ දේශපාලනයේ දිගපළලේ තරම කිමට තවත් උදාහරණ අවැසි නොවේ.

කපිලගෙන් බඩපිරෙන්න අහගත්තු බෙන්ජමින් ?

මේ ගැන අද ප්‍රසිද්ධියේම කියා සිටියේ බෙන්ජමින් තම හතුරා හැටියට සලකා නිතිපතා උගුල් අටහන් නාගරික මන්ත්‍රි කපිල නන්දසුලෝචන විසිනි
ඔහු අද බෙන්ජමින්ට තරු පේනනම කථා කළ බව බෙන්මින් හැර මුුල සභාවේ මන්ත්‍රිවරු පිළිගන්නට ඇතැයි අප සිතමු.
මේ ඇතැම් මන්ත්‍රිවරුන් අපවද අමතා බෙන්ජමින්ගේ මුණ ඇඹුල්වුන හැටි රසකොට කියා සිටියේය.
විවිධ යෝජනා ගෙන එන මන්ත්‍රිලාගේ විවිධ ව්‍යාපෘතිවලින් කොමිස් ගත් අන්දම ගැන කපිල මෙහිදි සදහන් කර තිබිමද විශේෂයකි.

මාධ්‍ය මර්ධනයට අරඅදින මිගමු එජාප සංවිධායක ගැන එාජප ලොක්කෝ කියන්නේ කුමක්ද ?


එජාපය යනු පසුගිය යහපාලන කාලය තුල මාධ්‍යවේදින් වෙනුවෙන් කිසියම් ප්‍රගතිශිලි වැඩසටහන්වලට පසුබිම සැකසු පක්ෂයකි.
එවැනි පක්ෂයක මිගමු ආසන සංවිධායකවරයා මාධ්‍යයට එරෙහිව ලංකාවේ දුෂිතම නගරාධිපතිගේ කරේ අත දාගෙන මාධ්‍ය මර්දනයට යෝජනා ගෙන එන්නේ නම් එවැනි ආසන සංවිධායකවරයෙකු ගැන එජාප නායකත්නය මෙන්ම මිගමුවේ එජාප මන්ත්‍රිලා ගනු ලබන ක්‍රියාමාර්ගය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලෙසද අප ඉල්ලා සිටිමු.

මිගමුවේ ඇතැමුන්ගේ මාධ්‍ය භාවිතය ගැන අපට ගැටළු තබුනද කව්රුන් හෝ විසින් මාධ්‍යයට කෙණහිලිකම් මකලේ නම් අප ඊට කොන්දේසි විරහිතව විරෝධය පළකර ඇත.


රනිල් ගේ පැත්තට සිග්නල් දමා ලංසාලාගේ පැත්තට හැරුනු බෙන්ජමින්

මේ අනුව රනිල්ගේ පැත්තට සිග්නල් දමා බෙන්ජමින්ලා දැන් ඇත්තට හැරෙන්නට යන්නේ කොයිපැත්තටදැයි කදිමට පැහැදිලි වෙමින් තිබේ.