මාධ්‍යවේදින් 44 දෙනෙක් රාජපක්ෂ රෙජීමය යටතේ ඝාතනය කරලා -ඇගමැති නිදහසේ වේදිකාවේදි කියයි.

0
57
1……..මම මෙතෙන්ට පැමිණියාට පසු මාධ්‍ය සංසදයකින් ලිපියක් බාර දුන්නා. එතන හිටපු අයගෙන් 44 දෙනෙක් රාජපක්ෂ රෙජීමය යටතේ අතුරුදන්වෙලා. රෙජීමයට එම සංඛ්‍යාව පනහ කරන්න බැරි වුණා. එම තත්ත්වය නැති කරන්නයි අප සියලු දෙනා එකතුවී මෛත්‍රිපාල ජනාධිපතිතුමාව පෙරට රැගෙන ආවේ. එතුමා යටතේ දැන් යහපාලනය ආරම්භ වෙලා. අද ජාතික ආණ්ඩුවක් ඇතිවෙලා. මේක රට ඉදිරියට ගෙන යාමට හොඳම අවස්ථාවක්. අද කොටසක් ප්‍රතිවිප්ලවයක් කරන්න හඳනවා. වර්ජනයෙන් විවිධ දේ කරන්න හදනවා. ඒ අය මේ මාධ්‍යවේදීන් ඝාතනය කරන විට, අතුරුදන් කරන විට කළේ මොකක්ද. යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාව විමසා සිටියේ නිදහසේ වේදිකාවසහ සිවිල් සංවිධාන එකතුව  විසින් ජගත් මානව හිමිකම් දිනය සමරමින් සංවිධානය කර තිබුණ විශේෂ රැස්විමකදිය…..
මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුව වෙනුවෙන් යාපනය මාධ්‍ය සමාජය නියෝජනය කරමින් ආර් .දායබරන් මහතාත් වෘත්තිය පත්‍රකලාවේදින්ගේ සංගමයේ කැදවුම්කාරිනි දීප්ති අධිකාරි මහත්මිය විසින් ඝාතනයට සහ අතුරුදහන් කරනු ලැබු මාධ්‍යවේදින්ගේ ලයිස්තුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර  දි තිබුණි.
රාජපක්ෂ රෙජිමය යටතේ මෙම මාධ්‍යවේදින් අතුරුදහන් කරන විට ඝාතනය කරන විට අද කෑගහන සංගම් සංවිධාන සිටියේ කොහේදැයි අගමැතිවරයා ප්‍රශ්ණ කලේය.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා-………….පෙර තිබූ තත්ත්වයට වඩා වෙනත් වාතාවරණයකයි අද මෙම මානව හිමිකම් උත්සවය පවත්වන්නෙ. අද දින මෙහි පැමිණිලා සිටින කිසිවෙක් පසුගිය වර්ෂයේ සිතන්න නැතුවා ඇති අද පවත්වන මේ සමරුව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පවත්වන්න හැකිවෙයි කියලා. වර්තමාන තත්ත්වය රටේ ඇති වුයේ බොහෝ දෙනකුගේ කැප කිරීම නිසයි. මෙවැනි තත්ත්වයක් ඇති කිරීම පිළිබඳ නිදහසේ වේදිකාවට, සිවිල් සංවිධාන එකතුවට මම ස්තුති වන්ත වෙනවා. මොවුන් නිසා තමයි මානව හිමිකම් පිළිබඳ කථිකාවත මෙතරම් ඉදිරියට පැමිණියේ. පසුගිය කාලයේ මොවුන්ට දේශද්‍රොහීන් කියල ද ඇතැමෙක් චෝදනා කළායැයිද අගමැතිවරයා කියා සිටියේය.
මෙම රැස්විම සදහා ඇමති මනෝගනේෂන් මහතා ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා ,නිදහෙස් වේදිකාවේ කැදවුම්කරුවන් වන ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු මහත්මිය,ආචාර්ය පාක්‍යසෝති සරනවමුත්තු මහතා,නිතිඥ සුදර්ශන ගුණවර්ධන , සහ නිතිඥ ජේ.සි.වැලිඅමුණ මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියේය.
PFF 1PFF 2PFF 4PFF 5PFF 6PFF 7PFF8PFF 9PFF 10PFF12