මාධ්‍යවේදින් ඝාතනය කළ මිනීමරුවන්ට දඩුවම් දෙනු ! උතුරු දකුණු ඒකාබද්ධ සටන ඇරඹේ !

0
64
dav

Jaffna [rotest 3

dav

ලංකා ඉතිහාසයේ වැඩිම මාධ්‍යවේදින් පිරිසක් ඝාතනය කළ රාජ්‍ය පාලකයා ලෙස දැනටමත් ඉතිහාසගතව ඇති මහින්ද රාජපක්ෂ දැන් යළිත් වරක් සිය කුටුම්භයට බලය ඉල්ලා සිටි.
ඔහුගේ පාලන සමය තුලදි මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන් 44 දෙනෙකු ඝාතනය කර ඇති බව දැක්වේ.
මේ අයගෙන් 41 දෙනෙකු දමිල මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයෝ වෙති.
මේ අයගේ ඝාතකයන් නීතිය හමුවට ගෙන එන ලෙස බලකරමින් දකුණේත් උතුරේත් නැගෙනහිරත් මාධ්‍ය කණ්ඩායම් සහ සිවිල් සංවිධාන එක්ව ඒකාබද්ධ සටනකට දැන් මුලපුරා තිබේ.jaffna protest 5jaffna protest 8jaffna protest 8jaffna protest 7
පසුගිය සෑම වසරකදිම මේ ආකාරයෙන් ලංකාව තුල සිදුකරනු ලැබු එකම එකාබද්ධ විරෝධතාවය මෙවර පැවැත්වුයේ ඝාතනයට ලක්වු මාධ්‍යවේදින් සැමරිම සදහා යාපනයේ ඉදිකර ඇති විශේෂ ස්මාරකය අභියසදිය.
යහපාලනය විසින්ද හුරතල් කරන මේ මිනීමරුවන් නීතිය හමුවට ගෙන එන ලෙස බලකරමින් ජාතික වශයෙන්ම මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද මේ ඒකාබද්ධ අරගලය ක්‍රියාත්මක විමට නියමිත බව මේ එ්කාබද්ධ අරගලයේ ප්‍රධානිහු පවසා සිටිති.
යාපනය මාධ්‍ය සමාජය ,මඩකලපු මාධ්‍ය සංගමය,මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුව ,නිදහසේ වේදිකාව එක්ව මේ ඒකාබද්ධ විරෝධතාවය සංවිධානය කර තිබුණි.