මීගමුව මහනගර සභා පරිශ්‍රයේදි මහසභා රැස්විම වාර්ථා කිරිමට ගොස් පැමිණෙමින් සිටි මාධ්‍යවේදියෙකුට මුහුණු ආවරණය කොට වැහි කබා පැළද අංක තහඩු නොමැති යතුරු පැදියකින් මහදවල් පැමිණ පොල්ලකින් මාරාන්තික ප්‍රහාරයක් එල්ල කර තිබිම චිකාගෝ පන්නයේම වැඩක් මිස පුංචි රෝමය යැයි කියාගන්නා කතෝලික පුරවරයක නම් කිසිසේත්ම සිදුවිය හැක්කක් නොවේ .
මේවා ගැන මීගමුව පල්ලියේ පියතුමන්ලා ඇත්තටම කම්පා විය යුතුය.
නැතිනම් ලැජ්ජා විය යුතුය.
එහෙත් මේ දෙකන් එකක් වත් නොවන බවද අපි දන්නේ මේ සිදුවිම පිළිබදව අවධානය යොමුකරන පියතුමන්ලා සිටියේ ඉතා අතලොස්සක් බැවිනි.
පහරදිම සදහා මැරයන් විසින් භාවිතා කරන ලද පොල්ල …
මේ අනුව මෙම වාර්තා විශ්ලේශනය කිරීමේදී සිද්ධිය වු දින එනම් 2016.06.02 වන දින දයාන් ලාන්සා යන අයට අයත් අංක 077 3922922 ජංගම දුරකතනයට සහ අංක 077 7117225 දරන ජංගම දුරකථනය අතර උදෑසන පැය 8.25 සිට පැය 13.47 දක්වා අතර කාලයේ දුරකථන සංවාද 13ක් පමණ සිදුවී ඇත. ඊට පෙර මෙම ජංගම දුරකථන අතර 2016.05.01 දින සිට 2016.0602 වන දින දක්වා වෙනත් දිනවල සංවාද සිදුවු බවට විමර්ශනයේදී හෙළවී නැත. තවද මීට අමතරව 2016.06.02 වන දින 072 9942608 දරන ජංගම දුරකථනයෙන්ද දයාන් ලාන්සා යන අයට අයත් 077 39 22922 දරණ දුරකථනය සමග සංවාද දෙකක් සිදුවී ඇත.
(උපුටා ගැනිම b වාර්ථාවෙනි)
පැමිණිලි කරු විසින් ඉතා පැහැදිලි ලෙස සිය පැමිණිල්ලේ පුද්ගලයෙකුගේ නම සදහන් කරමින් චෝදනාවක් ඉදිරිපත් කොට තිබේ.
එපමණක් නොව අදාල පුද්ගලයා විසින් 2016.5.17 වනදා දුරකථන ඇමතුමක් ලබාදෙමින් තමන්ට එක්තරා ආකාරයක අනතුරු ඇගවිමක්ද කර ඇති බව පැමිණිලේම සදහන්ය.
දිනපතා විශාල වශයෙන් ප්‍රසිද්ධියට පත්ව මාධ්‍ය වාර්ථා ඔස්සේද පැමිණිලි කරු කියා සිටියේ මේ ප්‍රහාරයේ මහමොළකරු මීගමුව මහනගර සභාවේ දයාන් ලංසා බවය.
ඒ වේලාව යනු මීගමුව මහනගර සභාවේ මහසභා රැස්විම පවත්වන වේලාවයි. දායන් ලංසා යනු උප නගරාධිපතිවරයායි.එසේ නම් මීගමුව මහනගර සභාවේ කම්කරුවෙකුට මහසභා රැස්විම පවත්වන අවස්ථාවේදි දුරකථන ඇමතුම් 16 ක් ගන්නට තරම් වැදගත් දෙයක් තිබිය හැකිද ?
නඩුවක් අවසානයේදි හෝ පොලිස් පරික්ෂණ අවසානයේදි හෝ ඔප්පු වන තුරු බලා සිටිමට අවැසි නොවන මරාන්තික වැරදි කිපයක් මේ සේවකයා විසින් සිදුකර ඇති බව ඉතා පැහැදිලිය.
තතු එසේව තිබියදි අභ්‍යන්තර පරික්ෂණයක් පවත්වා මෙසේ විනය විරෝධි කටයුතු රැසක් සිදුකළ සුළු සේවකයෙකු නැවත කිසිදු ලැජ්ජාවකින් තොරව සේවය ලබා දි ඇත්තේ කෙසේද යන්න යහපාලන රජයේ බලධාරින් විසින් ලොවටම ප්‍රකාශ කර සිටි යුතුවේ
මේ සියළු මජර ක්‍රියාවලට සම්බන්ධ ලංස පවුල දැන් යළිත් වරක් මීගමුවේ ජනයා ඉදිරියට පැමිණෙමින් ඡන්දය ඉල්ලන්නේ කුමකටද?
ගෙවුණ දශ වසක පාලනය යටතේ මීගමුව දැනටමත් චිකාගේ පන්නයේ නගරය වි හමාරය.
.