මාධ්‍යවේදින්ට පහර දුන්,ලංකාවේ දුෂිතම නගරාධිපති සහ ගම්පහ මාධ්‍යවේදියෝ .?????

0
97

warana 1( 12.25 pm ) වාරණ කියන්නේ පෙනුමෙන් රැඩිකල් වගේ පොරක් .
මාධ්‍ය නිදහස අයිතිවාසිකම් ගැන කථා කරන්න ගත්තාමත් ආවේගශිලිව ආවේශ වෙන කෙනෙක්.
පහුගිය දවසක සිරස මාධ්‍යවේදියෙකුට තවත් මාධ්‍යවේදියෙකු පහරදිමක් සිදුකර තිබුන වෙලාවෙත් මාධ්‍ය හමුවේ අදහස් දක්වා තිබුනේ වාරණයි.
දායන් ලංසා මිගමුව මහනගර සභා භුමියේදි මාධ්‍යවේදියෙකුට පහර දුන් අවස්ථාවේදි ගම්පහින් පෙරමුණ ගත්තු මාධ්‍ය සගයෙක් තමයි වාරණ …
අප මෙසේ පැහැදිලි කිරිමක යෙදුන වාරණ ඊයේ දිනයේත් මාධ්‍ය හමුවේ අදහස් දක්වල තිබුනා.
හැබැයි ඒ මාධ්‍ය නිදහස  හෝ අයිතිවාසිකම් ගැන නම් නෙමේ ..වාරණ 2
මාධ්‍යවේදියෙකුට මහදවල් මහනගර සභා භුමියේදිම පහරදිමට කටයුතු සැලසුම් කරපු ඒ වගේම දැනට ලංකාවේ දුෂිතම නගරාධිපති හැටියට නම්දරා සිටින දයාන් ලංසා විසින් ගම්පහ දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදින් පිරිසක්ට බඩු පාර්සල් වගයක් ලබාදිමට සංවිධානය කරල තිබුන උත්සවයකදි තමයි වාරණ කථාවක් පවත්වල තිබුනේ..
හැබැයි වාරණගේ  ඊයේ කථාව වෙනදා වගේ නෙමෙයි .
වෙනස්ම එකක් .
දුෂිතයෙකු අතින් දෙන බඩු පාර්සලයකට කරන්න පුලුවන් වෙනස තමයි වාරණගේ ඊයේ තිබුණ කතාවේ වෙනස කියල එතන හිටපු මාධ්‍යවේදින් වැඩිදෙනෙකුටත් වැටෙහෙන්න ඇති…
මාධ්‍යවේදින්ට හැටියට අපිව චෙක් කරගන්න පුලුවන් හොදම තැන තමයි අන්ත දුෂිතයෝ ඉස්සරහ මාධ්‍යවේදියෝ හැසිරෙන විදිය..
ඒක තමයි හැබැ ලිට්මස් ටෙස්ට් එක…

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here