මාධ්‍යවේදියාට පහරදුන් නගර සභා සේවකයාගේ වැඩ තහනම් !

0
64

IMG-20160604-WA0008මාධ්‍යවේදි ප්‍රෙඩි ගමගේට පසුගිය ජුනි 02වන දා මීගමුව මහනගරසභා පරිශ්‍රයේදි පොලු පහරක් එල්ල කළ නගර සභා සේවකයාගේ වැඩතහනම් කර ඇති බව අප කළ විමසුමකට පිළිතුරු දෙමින් මීගමුව නාගරික කොමසාරිස් වරයා කියා සිටියේය.
දේශපාලන හිතවත්කම මත පත්විමක් ලැබ ලංසා පවුලේ සමිපතයෙකු ලෙස කටයුතු කරමින් සිටි මේ තැනැත්තා  සිය සේවා මුරයට අත්සන් තබා  දේශපාලන වැඩවල නිරත වන බවට අනේක විධ චෝදනා මිට පෙරද එල්ලව තිබේ.
කෙසේ වෙතත් මෙම පහරදිම සිදුකරන්නට යෙදුන ජුනි 2 වනදාට පසු දින සිට ඔහු මෙසේ වැඩ තහනමකට ලක්ව තිබේ.
මේ පහරදිම සදහා ඔහු පැමිණ තිබුනේ සිය 6-2 සේවා මුරය සදහා පැමිණිමද අත්සන් කිරිමෙන් පසුව බව නගර සභා ආරංචි මාර්ග සනාථ කර සිටි.