(2.20 pm ) කව්රුන් හෝ විසින් මාධ්‍යකරුවගේ නිදහස් මාධ්‍ය භාවිතාවට එරෙහිව කටයුතු කරන්නේ නම් එය කිසිවිටකත් කිසියෙකුටත් අනුමත කළ නොහැක.
තතු එසේව තිබියදි මාධ්‍යයට එරෙහිව මීගමුවේ යමපාලකයන් විසින් සිදුකරනු ලබන මර්ධන ක්‍රියාවන් කිසිදු වගක් නොගෙන එවන් යමපාලකයන්ට ආවඩන්නට මාධ්‍යවේදියෙකුට නම් කිසිවිටකත් නොහැක්කේමය.
එහෙත් මිගමුවේ දි මාධ්‍යවේදින්ගේ වෙස් ගත් යමපාලකයන්ගේ බ්‍රොකර්ලා පිරිසක් දැන් බිහිව ඇත.මේ අය විවිධ වරාදන උදෙසා මාධ්‍ය සදාචාරය පාවා දෙමින් ඒවාට එරෙහිව විවිධ ක්‍රියාවල දැන් නිරතව සිටිති.
මාධ්‍ය ආවරණයක යෙදුන මාධ්‍ය වේදියෙකුගේ කැමරාව උදුරාගෙන එහි ඇති ප්රවෘත්ති ඡායාරූප මකා දැමිම පුවතක් ලෙසින් වාර්තා කළ නොහැක්කේ නම් ඔහු සැබැවින්ම යමපාලකයෙකුගේ බ්‍රොකර් කෙනෙකු මිස මාධ්‍යවේදියෙකු නම් නොවේ.
ලංස පවුලේ අණසකට යටත්ව මාධ්‍ය මෙහෙවර මුදලට පවා දෙන මේ ඇතමුන් ට දැන් ඇතැම් මාධ්‍ය ආයතනවල දොරවල් වසා ඇති බවද ප්‍රසිද්ධ කරුණකි.