මාධ්‍යවේදීන් හා ක්‍රීඩකයන් ඝාතනයකල පුද්ගලයන් රකින්න මට බැහැ.. – ජනපති

0
145

Maithreepala-sirisena

රාජ්‍ය ආරක්ෂාව වැනි කරුණු වලදී හැරෙන්නට වෙනත් සිදුවීම් වලට වැරදිකරුවන් වන පිරිස් ආරක්ෂා කිරීමට තමන්ට නොහැකි බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. එලෙසම තවදුරටත් එතුමා පවසන්නේ මාධ්‍යවේදීන් හා ක්‍රීඩකයන්ගේ ඝාතනයන් වෙනුවෙන් වැරදිකරුවන් වන  පිරිස් ආරක්ෂාකිරීමට තමන්ට නොහැකි බවයි.
LTTE සංවිධානයට විරුද්ධව සටන් කල නිලධාරීන්,කාර්‍යමණ්ඩලය හා හමුදාවිරුවන්ගේ සම්පූර්ණ වගකීම තමන් බාරගන්නා බවටත් පවසන එතුමා තවදුරටත් කියා සිටියේ හමුදාවිරුවන් වෙනුවෙන් වගකීම් භාරගැනීම රජයේ වගකීමක් වන නිසා එම වගකීම වෙනුවෙන් තමන් නිරන්තරයෙන් පෙනී සිටින බවයි.

යුධ සමයේදී සිදුවුනායැයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්දයෙන් යුධවිරුවන් වැරදිකරුවන් වීමට ඉඩලබා නොදීම වෙනුවෙන් මේ වන විට ශ්‍රීලංකාව කෙරෙහි ජාත්‍යන්තරයේ ඇති හොද හිත හා පිලිගැනීම භාවිතා කිරීමටත් එමගින් මෙරට යුධවිරුවන්ගේ ගෞරවය හා අභිමානය රැකගැනීම වෙනුවෙන් කටයත් කිරීමටත් තමන් බලාපොරොත්තු වන බවද ජනපතිතුමන් වැඩිදුරටත් පවසනවා. මේ වන විට ලෝක බලවතුන් කිහිපදෙනෙකුම ශ්‍රීලංකාවේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින බවට තමන්ට පොරොන්දු වී ඇති බවද පවසා ඇත.

ජනපතිතුමන් මේ අදහස් දක්වා ඇත්තේ පසුගියදා කුරුණෑගල ආරක්ෂක විද්‍යාලයේ තුන්මහල් ගොඩනැගිල්ලක් විවෘත කිරීමට ගිය අවස්ථානකදීය.