මානව හිමිකම් කඩවිම් ,යුද වින්දිතයන් ගැන විමසිමට පැමිණ ක්ෂමා සංවිධානය සහ දකුණේ මාධ්‍ය ?

0
204

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ ලේකම් දකුණේ මෙන්ම උතුරේද මානව හිමිකම් කඩවිම් සහ විශේෂයෙන්ම යුද වින්දිතයන් ගැනද දැඩි උනන්දුවක් දක්වමින් කරන්නට යෙදුන දින 5 ක් සංචාරයෙන් පසු ඊයේ සවස් වරුවේ කොළඹදි මාධ්‍ය හමුවක් කැදවා තිබුණි.
මානව හිමිකම් ගැන සහ යුද වින්දිතයන් ගැන ඇගේ විසින් කියන්නට යන්නේ කුමක්දැයි දැනගැනිමට පැමිණි තිබුනේ එක ටි.වි චැනලයක් පමණි.

උතුරේ මෙන්ම දකුනේද මානව හිමිකම් ගැන දැඩි උනන්දුවකින් කටයුතු කරන තරුණ ජනමාධ්‍යවේදියෙකු මෙම ශාලවට ඇතුලු වු අවස්ථාවේම විමසා සිටි පැනය වුයේ කෝ අනික් චැනල් යනුවෙනි.

අද පවතින ජනමාධ්‍ය යනු එහි හිමිකරුවන්ගේ ප්‍රාග්ධන උවමනාවන් වෙනුවෙන් ක්‍රියාත්මක වෙමින් ඇති ඒවා බවත් ඒවායේ සේවය කරනු ලබන බහුතරයකට අප ජනමාධ්‍යවේදින් යැයි කිවද ඇත්ත වශයෙන් ඔවුන් සිය වෘත්තියට සාධාරණයක් කළ හැකි ආකරයේ පරිචයකින් සහ දැක්මකින් කටයුතු කරන්නන්ද යන වග කලක පටන් පවතින ප්‍රශ්ණයකි.

මේ අතර ක්ෂමා සංවිධානයේ ලේකම්වරිය පසුගිය 18 වෙනිදා මුළු උදේවරුවම ගත කර තිබුනේ මුල්ලිවයිකාල් සැමරුම් භුමිය තුලය . ඉන් අනතුරුව ඇය විසින් ඒ භුමියේම ගසක් යට මාධ්‍ය හමුවක්ද පැවැත්වුවාය.
ඒ මාධ්‍ය හමුව සදහා ප්‍රදේශයේ ජනමාධ්‍යවේදින් විශාල ප්‍රමාණයක් මහත් උනන්දුවකින් සහභාගිවි සිටි අයුරු දැකගන්නට ලැබුණි.

ජාතික ජනබලවේගයේ ලාල් කාන්තලාගේ තියරියට අනුව ගහල ඉවර කරන්න අපි තමයි කිව්වේ යනන දේශපාලන ස්ථාවරය නිසා වින්දිතයන් බවට පත්ව දස දහස් ගණනගේ වේදනාවක් ගැන ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයන්ගේ ස්ථාවරය දැනගැනිමේ උවමනාවේ ඇති වැදගත්කම නිසා පැමිණ ඒ ප්‍රාදේශය මාධ්‍යවේදින් ඒ මාධ්‍ය හමුවට එක්ව සිටි නිසාය