මානවහිමිකම් ක්‍රියාකාරියෙක් පිටුපස ආණ්ඩුවේ කුලි හමුදා….

0
129

ඉන්ධන මිල ඉහල දැමීමට එරෙහිව මීගමුව සහ හලාවත ධීවරයන් විසින් සංවිධානය කළ දැවැන්ත උද්ඝෝෂණ පිටුපස සිටින්නේ රාජ්‍ය නොවන සංවිධානයක් බව ධීවර ඇමැතිවරයාගේ මුලිකත්වයෙන් වෛරි ව්‍යාපාරයක් සියළු ජනමාධ්‍ය හරහා පසුගිය කාලය තුළ දියත් කර තිබුණි. සෘජු ලෙසින් නම්කර නොතිබුනද මේ සියළු මඩගැසිම් ඉලක්කව තිබුනේ ජාතික ධිවර සහයෝගිතාවය සහ එහි කැදවුම්කරු හර්මන් කුමාර මහතා වෙතය.

2012 පෙබ 18 වනදා ඔහු රෝමයේ පැවැති ලෝක ආහර සංවිධානයේ නියෝජිත රැස්විමක් සදහා රටින් බැහැරව ගියේය.මීගමුවේ ප්‍රාදේශිය දේශපාලකයන්  ඔවුන්ගේ කණ්ඩායම් හරහා ප්‍රචාරය කරමින් තිබුනේ හර්මන් කුමාර සියල්ල අවුස්සා රටින් පැන ගොස් ඇති බවය.

2012 පෙබවාරි 24 වනදා ඔහු පෙරළා මෙරට පැමිණි  අවස්ථාවේ ගුවන්තොටුපළේදි  ආගමන විගමන අංශය අසලම පුද්ලයන් තිදෙනෙක් පෝලිමේ සිටින  හර්මන් කුමාර දෙස ඉතා විමසිලිමත් ලෙසින් බලා සිටිනු ඔහු නිරික්ෂණය කර තිබුණි.අනතුරුව  ආගමන විගමන කටයුතු නිමවා පැමිණෙන අතරේ අර පුද්ලයන් තිදෙනා හර්මන් පැමිණි කටුන්ටරය වෙත ගොස් තොරුතුරු විමසා ඇත.අනතුරුව ගමන් මළු පැමිණෙන තෙක් රැදි සිටින අවස්ථාවේ ඈතින් ඇති කණුවලට මුවා වි හර්මන්ව නිරික්ෂණය කරන බව ඔහු විසින් එලියේ සිටින තම හිතවත් වෙතද දන්වා ඇත.ගුවන් තොටුපලින් එලියට එන අවස්ථාවේ හර්මන්ට ඉරියෙන් මේ එක් කුලි හමුදා නියෝජිතයන් තිදෙනෙක් පැමිණ  ඇත. අනතුරැව මේ තිදෙනාගෙන් දෙදෙනෙක් හර්මන් කුමාර මහතා යනතෙක් හොරෙන් එබි එබි ඔත්තු බලමින් සිටින අතරේ දෙමල හුරුවට කථාකරන එක් තැනැත්තෙක් තමන් පැමිණ ඇත්තේ වැඩකට බවත් හැකි ඉක්මනින් ගුවන් තොටුපලට එන ලෙසත් වාහනයකට දන්වා තිබුනු බව අපේ ආරංචි මාර්ග සදහන් කරයි. බේ.මේ අවස්ථාවේ ගුවන් තොටුපල පොලිසිය අසල නවතා තිබුණ අංක 301-2865 කොළ පැහැති  මෝටර් රථයකින් හර්මන් කුමාරගේ  ගිය රථය ලුහු බැද තිබේ.මේ ගැන  නිරන්තර නිරික්ෂණයක සිටි හර්මන්ගේ රථයේ පිරිස එය මහහැර ආරක්ෂිත තැනකට ඔහුව රැගෙන ගොස් තිබුණි.

එහෙත් මේ මෝටර් රථය හර්මන් කුමාර පදිංචිව සිටින ගමට ගොස්   අවට  නිවෙස් වලින් අසා තිබුනේ හර්මන්ගේ නිවසේ අංකය සොයා ගැනිමට අවශ්‍ය බවය එයට හේතුව ලෙසින් දක්වා ඇත්තේ බැංකු ණයක් ඉල්ලුම් කර ඇති බැවින් ඒ ගැන දැනුම් දිය යුතුය තිබෙන බවය.මේ සම්බන්ධයෙන් මේ වන විට පන්නල පොලිසියේ පැමිණිල්ලක් ද කර තිබේ.මේ සියළු තොරතුරැ පළමු වරට මාධ්‍ය වෙත හෙළිකර තිබුනේ 2012 පොබ 25 වනදා මීගමුවේ පැවැති නිදහසේ වේදිකාවේ රැස්විමකදිය.