මාරවිල යූනියන් ඇපරල් සේවකයින් මහමගට

0
153

DSC03316සැප්තැම්බර් 27 වනදා මාරවිල යූනියන් ඇපරල් ආයතනයේ සෙවය කළ කම්කරුවන් මහපාරට විත් උද්ඝෝෂනයක නියැලුනේ එහි පාලකයන් කිසිදු කොන්දේසියක් නොමැතිව එම කම්කරුවන් ව දංකොටුව  පිහිටි යුනියන් ඇපරල් ආයතනයකට මාරුකර තිබූ බැවිනි.  මෙම තත්ත්වය විසදෙන තෙක් වැඩට දංකොටුවට නොයන බව කම්කරුවන් පැවසුවද කොටසක් දංකොටුව ආයතනයට යාමට එකගවී තිබුණේ වැටුප් ප්‍රශ්නය වි විසදෙන තෙක්ය. කෙසේ වුවුද මේ වන විට මාරවිල යූනියන් ඇපරල් ආයතනය විසින් මෙම ප්‍රශ්නය විස දා නොමැති අතර සේවකයන්ට විකල්පයක් තෝරාගැනීමට ඉඩහැර තිබේ. එම ආයතනයේ සේවය කරමින් සිටි  හලාවත නිලූකා මහත්මිය අප හා පැවසූවේ  තමන් එම ආයතනයෙන් අස්වී සීදුව ෆැක්ටරියක වැඩ ආරම්භ කළ බවත් යුනියන් ඇපරල් ආයතනයේ ලබන පඩියට වඩා වැඩි පඩියක් මෙම ආයතනයෙන් ලබාගතහැකි බවත්ය. එමෙන්ම ඇය පවසා සිටියේ එකම පඩියට දංකොටුව ශාඛාව වෙත රැකියාව සදහා යනවාට වඩා  වෙනත් තැනක සේවය කිරීම හොද බැවින් ඇයත් සමග තවත් සේවක සේවිකාවන් බොහෝ දෙනෙකු අස්වී වෙනත් ආයතනයක් වෙත අලුතින් රැකියාව සදහා බැදුණ බවයි.