මාර්ගයට කඩා වැටුණ අත්තක් නිසා පුද්ගලයෙකු රෝහලට

0
394
ඡායාරූපය ප්‍රවෘත්තියට අදාළ නැත
ඡායාරූපය ප්‍රවෘත්තියට අදාළ නැත

අද අලුයම 4.00 ට පමණ මීගමුව – කදිරාන ප්‍රදේශයේ සිට සේවය සදහා සිය වෙළද සැල වෙත පැමිණෙමින් සිටි පුද්ගලයෙකු එම මාර්ගයට කඩා වැටුණ   අත්තක්  නිසා අනතුරට ලක්වී තිඛේ. මෙම සිදුවීම සිදුවීඇත්තේ  අද පාන්දර 4.30 පමණ වන අතර ඔහු ගමන්ගත් මාර්ගයට කඩාවැටුණ ගසක කෝටුවක් ඔහුගේ මුඛය හරහා ඇනී තුවාල සිදුවී මීගමුව රෝහලට ඇතුළත් කර තිඛේ.  පසුව ඔහුට   මීගමුව රෝහලේ දී  සැත්කමක් සිදුකර  ලී කෝටුව ඉවත්කර ඇති අතර මේ වනවිට රෝහලේ 06වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටී. මෙම අනතුරට ලක්ව ඇත්තේ කදිරාන ප්‍රදේශයේ  පදිංචි පුද්ගලයෙකි.