මාරු කාසි වෙනුවට ටොෆී සහ ගිණිපෙට්ටි දීම හෙවත් පාරිභෝගිකයා ශතපහට දැමීම නවත්වමු ද ?

0
342

මීගමුව බස්නැවතුම්පළ ආසන්නයේ පිහිටා ඇති ලංකා සතොස හෙවත්  ලක් සතොසේ පාරිභෝගිකයෙකු වන මා හට නිරන්තරයෙන් ඇතිවූ ගැටළුවක් සම්බන්ධයෙන් මෙලෙස සටහන්  කරමි.  මෙම ගැටළුවට මා අවසාන වරට මුහුණ දුන්නේ අද (26) වනදා සවස 6.00 ට පමණය. ගැටළුව නම් මගේ බිල් පතේ සදහන්  පරිදි සම්පූර්ණ ඉතුරු මුදල නොලැබීමයි.  බිල අනුව ඉතුරු මුදල රුපියල් 234.50ක් මට ලැබියු යුතුව තිබියදී  මුදල්  භාරකරු  විසින් මට  රු 242ක් ලබාදී ගණුදෙනුව අවසන් කරන ලදි. ඉතුරු අඩුපාඩුව ගැන යමක් සදහන් කරන්නටවත් ඔහුට උවමනාවක් නොතිබුණි.
එබැවින් මම මගේ අඩුපාඩු මුදල ගැන ඔහුට පෙන්වා දී එය ඉල්ලා සිටියෙමි.(හේතුව අඩුවෙන් ඉතුරු ලැබිම විශාල වරදක් බව හැත්තෑව දශකයේ ඉපදුන කෙනෙක් ලෙස මාගේ මනසේ තදින්ම කාවැදි තිඛේ. අඩුවෙන් ඉතුරු දීම සහ ගැනීම විශාල වරදක් ලෙස මේ වනවිටත් මා පිළිගනිමි..)
එවිට ඔහු දුන් පිළිතුර  වූයේ  ‘මාරු නෑ ටොෆි දෙන්නද’ කියායි.  එවිට මම ඔහුට කියා සිටියේ ‘ මාරු නැති එක ඔබගේ ප්‍රශ්නයක් නේද ?  ඒ නිසා මට ටොපි එපා මගේ රු 1.50 මට දෙන්න”  කියායි. . පසුව ඔහු විසින් ‘ එහෙනම් මට ශත පනහක් දෙන්න යැයි පවසන ලදි.  නමුත් මා ලග ඒ මොහොතේ ශත පනහක් නොමැති නිසා මම පෙරළා ඒ බව දැනුම් දුනි. පසුව ඔහු මට රුපියලක් දික් කළ අතර ඔහුගේ ශරීර භාෂාව අනුව මෙතනදී වැරදිකරුවා  ප්‍රශ්නය මතුකළ මම බව මට වැටහී ගියත් ,
මා  පාරිභෝගිකයෙකු ලෙස එය ප්‍රශ්න නොකළහොත් හිස නමාගෙන ඉතුරු සල්ලි වෙනුවට ටොපී සහ ගිණිපෙට්ටි අරගෙන යන දහසක්  නිවට  එළදෙනුන්ගේ  ගානට මාවද පත්වන බැවින් තවදුරටත් මාගේ මුදල ලැඛෙනතුරු එම ස්තානයේ රැදී සිටියෙමි. එසේ වුවත් ඒ අවට සිටි පුද්ගලයන් හට මා ගැන අප්‍රසාදයක් ඇතිවන්නට ද ඇති යැයි මට හැගුණි. හේතුව රු 1.50 කට මෙතන අපටත් වද දෙනවා යැයි ඔවුන් ද සිතන්නට හැකි නිසාය..   bill
මෙවැනි තත්ත්වයක් පාරිභෝගිකයන් ලෙස අපට උදාවී ඇත්තේද මේ ආකාරයට තමන්ගේ ඉතුරු මුදල ලබාගැනීමට ඇති අයිතිය ගැන කිසිම හැගීමක් නැති බහුතරයක් පාරිභෝගිකයන් නිසා බව  මෙවැනි අවස්තාවන් වලදී හොදින් වැටහේ. පෙර යම් දවසකදීත්  මේ සතොසේ දීම මට  මුදල්  භාරකරු  විසින් රු 5ට ගිණිපෙට්ටියක් දෙන්නට සැරසුන අවස්තාවේත් මම එය ප්‍රතික්ෂේප කර මගේ රු 5 ඉල්ලා සිටියෙමි. මේ තත්ත්වයට අපව පත්කිරීම සතොස වැනි රාජ්‍ය ආයතනයකට තරම් නොවන බවයි මගේ හැගීම. මා අසා ඇති පරිදි යුරෝපයේ මෙන්ම තවත් බොහෝ රටවල ශතයේ සිට ඉතුරු සල්ලි ලබාදෙන අතර ශත ගණන් වලට ගැනීමට පාරිභෝගික භාන්ඩ ද ඒ රටවල තවමත් තිඛෙයි. ශතයේ වටිනාකමට අනුව එය හුවමාරු කිරීමට ඒ රජයන් මෙන්ම පුද්ගලික අංශ බැදිී සිටින බව   ඒ අනුව පෙනී යන අතර ඉතුරු මුදල් අඩපාඩු වුවහොත් ඒ පාරිෙභෝගිකයන් ඉදිරියේ එය විශාල ලැජ්ජාවකි. එහමෙ බලන විට අපේ සතොසේ දී ඉතුරු නොදි එය ඇසීම ලැජ්ජාවක් සේ සලකන ආකරයයි පෙනේනට තිඛෙන්නේ. මට දැනෙන ලෙස මෙහි ප්‍රධාන වැරදිකරුවා මාරු සල්ලි වලට ගිණිපෙට්ටි දෙනවිට නිහඩව එය රැගෙන එන පාරිභෝගිකයා යි.මේ වනවිට ලංකාවේ ශතය ,ශත පහ, ශත දහය නැති වුවත් ශත විසි පහ,ශත පනහ,සහ රුපියල සංසරණය වන වලංගු මුදලකි.  එබැවින් නිරන්තරයෙන්ම එම මුදල් නැහැයි කිමට කිසිවකුටත් අයිතියක් නොමැති අතර හදිසියකදී පාරිභෝගිකයාගෙන් මාරු කාසි ඇසීම  ප්‍රශ්නයක නැත. නමුත් පුරුද්දක් ලෙස මුදල් ලාච්චුව ලග ගිනිපෙට්ටි හෝ  ටොෆී තබාගැනීම සහ ඒවා දික්කිරීම පාරිභෝගිකයන් ලෙස අපට අනුමත කළ නොහැකිය.
හදිසියට හෝ මාරුනැතිකම යන තක්කඩිකමට මුවාවී අපේ පොකට් එකට විදින්නට බලාහිදින මෙවැනි නිලධාරීන් හා කලුකඩ මුදලාලිලා පෙරළා ප්‍රශ්න කිරීමේ සංස්කාතියක් රටේ ඇති කළ යුතු බව අවධාරණය කරමි.
එමෙන්ම මේ බව අවබෝධ කරගත් වැඩිහිටියන් තම දරුවන්ව විශේෂයෙන් දැනුවත් කළ යුතුය. මන්ද පුද්ගලික අළෙවි සැල් වලදී අපේ දරුවන් නොමග යවමින් ඉතුරු වෙනුවට ටොපි දීමෙන් මාරු කාසි වල වටිනාකම ළමා මනසෙන්ද මේ වනවිට ඈත් කර තිඛේ.th


ජසින්තා නිර්මලී