මාවතගම ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ මැර ක්‍රියා වයඹ මාධ්‍යවේදින් හෙළා දකිති.

0
143

MVI_4301 007MVI_4301MVI_4301මාවතගම නගරයේ පැවැති විරෝධතාවක් ආවරණය කරමින් සිටි රිවිර මාධ්‍යවේදියාට පොලිසිය බලා සිටියදී බාධා කරමින් ඔහුගේ කැමරාව උදුරාගැනීමට මාවතගම ප්‍රාදේශීය සභාවේ සභාපති උපුල් පෙරේරා මහතා තැත් කිරීම පිළිකුලෙන් යුතුව හෙලා දකින බව වයඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ජනූර් කිචිලාන් මහතා පවසයි.
කඩු පොලූ රැගෙත් පිරිසක් පොදු ජනතාවගේ දෛනික කටයුතුවලට බාධා කරමින් පැය ගණනක් මාර්ගය අවහිර කිරීම පිළිබද වාර්ථාකිරීමට ගිය මාධ්‍යවේදීන්ට මෙලෙස බාධා කිරීම මාධ්‍යවේදියාගේ නිදහස පිළිබද මහත් ගැටලූකාරී තත්ත්වයක පෙර නිමිත්තක් ලෙස සලකන බවත්, සියලූ මාධ්‍ය සංවිධාන සමග සාකච්ඡා කර මෙම තත්ත්වය යලිත් වරක් සිදුනොවීමට අවශ්‍ය පිරිස් දැනුවත් කිරීමට වහාම කටයුතු කරන බවත් හෙතෙම සහහන් කරයි.
කුරුණෑගල – මහනුවර මාර්ගය පැය කිහිපයක් අවහිර කරමින් ඉකුත් සිකුරාදා සවස දඩු මුගුරු රැගත් විශාල පිරිසක් කලහකාරී ලෙස හැසිරෙමින් සිට ඇත.
එම අවස්ථාව ආවරණය කිරීමට ගිය රිවිර මාධ්‍යවේදියාට මාවතගම ප්‍රදේශීය සභාවේ සභාපතිවරයා යකඩ පොල්ලක්ද අතැතිව පැමිණ තර්ජනය කරමින් ඔහුගේ කැමරාව උදුරාගැනීමට තැත් කිරීම සහ තවත් දර්ශන  ඇතුලත් වීඩියෝ පටයක් හා ඡායාරූප මේ වන විට මාධ්‍යවෙත නිකුත් කර ඇත.
එම අවස්ථාවේදී තවත් මාධ්‍යවේදියෙකුගේ කැමරාව උදුරාගැනීමට හා පහරදීමට තැත් කළ අයුරුද බැණ වදිමින් මාධ්‍යවේදීන් පළවාහැරීමට උත්සාහ කළ අයුරුද වීඩියෝ පටයේ ඇතුළත්ය.
වරින් වර අවස්ථා කිහිපයකදීම මාධ්‍යවේදීන්ට පහරදීමට උත්සාහ කළ අතර පොලිස් නිළධාරීන් විසින් එය වැළැක්වීමට මහත් පරිශ්‍රමයක් දරා ඇතත් ඔවුන්ටද අවනත නොවී මැර පිරිස් දිගින් දිගටම මාධ්‍යවේදීන් පළවාහැරීමට උත්සාහ දරා ඇත.
මාවතගම ආසනයේ එක්සත් ජාතික පක්ෂ නව සංවිධායකවරයා ලෙස වයඹ පළාත් විපක්ෂ නායක ජේ.සී. අලවතුවල මහතා පත්කිරීමෙන් අනතුරුව, ඔහු පිළිගැනීමට එදින සංවිධානය කළ උත්සව කිහිපයකට සහභාගී වීමට ගිය රථ පෙළපාලියක් මාවතගම නගරයේදී හරස් කරමින් මෙලෙස බාධා කර ඇත.
ජානක එස් බලල්ල