මාවත් මරණ බවට අවසන් නියෝගය නිකුත් කරලා-අමිර්තලිංගම් රාසකුමාරන්

0
74

Jaffna teacher1jaffna issue press conතමන් ඝාතනය කිරීම සදහා අවසන් නිවේදනයද නිකුත් වී ඇති බවත්, යාපනය තුළ කිසිවකුට අදහස් පළ කිරීමට වාතාවරණයක් නැති බවත් යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති අමිර්තලිංගම් රාසකුමාරන් මහතා ප්‍රකාශ කරයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (10) කොළඹ පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.

“අපි ඉන්නෙ අඳුරු කලාපයක. කිසිම අදහසක් ප්‍රකාශ කරන්න එහේ නිදහසක් නැහැ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉදිරියට දමමින් නිරතුරුව අප පීඩාවට ලක්කරලා තිබෙනවා. යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ට හෝ ශිෂ්‍යයන්ට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට නිදහසක් නෑ.

මාවත් මරණ බවට අවසන් නියෝගය නිකුත් කරලා තියෙද්දියි මේ විදියට අදහස් දක්වන්නේ. සමහර විට මේ මාධ්‍ය සාකච්ඡාවට පස්සෙ මා මරාදමන්නත් ඉඩ තියෙනවා. එතකොට මගේ දරුවෝ බලාගන්නෙ කවුද?” යැයි ඔහු ජනමාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.

උතුරේ ජීවත්වන බහුතරයක් ජනයා එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් මියනොගිය බව තවමත් පිළිගන්නා බවද ප්‍රභාකරන් මියගිය බවට ඡායාරූපවල සටහන්ව තිබුණද උතුරේ ජනතාව ඒවා පිළිනොගන්නා බවද හෙතෙම සඳහන් කළේය.

යුද සමයේ වෙල්ලමුල්ල වයික්කාල්වලදී මියගිය දෙමළ සාමාජිකයන් සැමරීමට ඉකුත් නොවැම්බරයේ තමා ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් (TID) දිගින් දිගටම මරණ තර්ජන එල්ලවන බවත්, තමා කිසි දිනෙක ලංකාවේ නීතියට පිටින් කටයුතු නොකළ බවත් කී රාසකුමාරන් මහතා, කිසි දිනෙක කොටි සාමාජිකයන් සැමරීමට උත්සාහ නොගත් බවද අවධාරණය කළේය.
(theindependent )