මාස 7ක් තිස්සේ දියණිය දූෂණය කළ පියා බන්ධනාගාරයට

0
235

පළගතුරේ ප්‍රෙද්ශයේ ජීවත්වන ,වයස අවු 14ක දැරිවියක් සිය පියා අතින් මාස 7ක පමන සිට දූෂණයට ලක්වී ඇති බව පසුගියදා කොච්චිකඬේ පොලීසිය විසින් කරන ලද පරීක්ෂණයකින් හෙළිදරව්වී ඇත. පළඟතුරේ ප‍්‍රදේශයේ ජීවත් වන 31 හැවිරිදි පුද්ගලයෙකු වන මෙම සැකකරු වෘත්තියෙන් පෙදරේරුවෙකි. සිය පළමු විවාහයේ එකම දියණියව මෙසේ දූෂණය කර ඇති බවට සාක්ෂි අනාවරණය වීමෙන් පසුව කොච්චිකඩේ පොලීසිය විසින්  ඔහුවත් ඔහුගේ දෙවන බිරිදවත් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ ජූලි 31 වනදාය. දෙවන කසාදයේ බිරිඳට දරුවන් 4 දෙනෙකු සිටින අතර කලින් කසාදයේ දියණියගේ වයස අවු -14කි. මොහු දැනට අවුරුද්දක පමණ පෙර කොළඹ ළමා නිවාසයක සිටි වැඩිමහල් දියණියව නිවසට කැදවාගෙන පැමිණ ඇති අතර, ඇයව මෙම පුද්ගලයා විසින් කාලයක සිට අපහරණයට ලක් කර ඇත. මේ පිළිබඳව ඇගේ දෙවන බිරිඳ දැනුවත්ව සිට ඇති අතර දියණිය ගැබ් ගැනීමෙන් වලක්වාලීම සඳහා බෙහෙත් දුන් බව ද තොරතුරු අනාවරණය වී ඇත. මේ වන විට මෙම අඹුසැමි යුවල මීගමුව රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ.