මාළු කඩේ යකඩ වලට විකුණලා ? පල්ලියටත් චෝදනාවක් ?

0
175

මීගමු මහනගර සභාවට ලැබුන වි⁣දේශ ආධාරවලින් සංවර්ධනය කරන ලද කොටුව පිට්ටනිය අසල මාළු වෙළඳ සැල හොර රහසේම කඩදමා යකඩ බඩු කඩවලට විකුණන ජාවාරමක් ක්‍රියාත්මක බව වාර්තා වේ .

ජම්බෝ යන අයෙකුගේ මුලිකත්වයෙන් මෙම යකඩ වලින් කොටසක් අලෙවි කිරිමට පියවර ගෙන තිබුන බව කියැවෙන අතර වැල්ලවිදියේ පල්ලියේ කමිටුවට මේ ගැන මේ වන විට චෝදනා එල්ල වන්නට පටන් ගෙන තිබේ.

මේ පිළිබදව යම් සමාජ මාධ්‍ය හෙළිකිරිමෙටකන් පසුව මිගමුව නාගරික කොමසාරිස්වරිය විසින් නිළධාරින් කණ්ඩායමක් එහි යවා තිබුණද ජාවාරම්කරුවෝ කියා තිබුනේ යැයි වාර්තා වන්නේ මාළු කඩයේ ගොඩනැගිල්ල පල්ලියට අයත් එකක් බවය

විදේශාධාර මත මිගමුව මහනගර සභාවට ඉන් ප්‍රතිලාබ ගැනිම සදහා ඉදිකරන්නට යෙදුන මේ මාළු වෙළද සංකිර්ණය දේශපාලන වාසි තකා නිමල් ලංසා විසින් පල්ලියට භාර දි තිබුණද එය ඉතා පැහැදිලිය රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති උල්ලංඝණය කිරිමකි.
ඒ අනුව ඉතා පැහැදිලිව පල්ලිය පවා පැහැදිලිව රාජ්‍ය දේපලක් අවභාවිතා කිරිමට හවුල් වි තිබේ.

මේ අනුව ඉතා පැහැදිලි ලෙස මිගමුව නාගරික කොමසාරිස්වරිය විසින් මේ පිළිබදව නිසි ක්‍රියාමාර්ග ගත යුතුව තිබේ.