මාළු කරවල වී, අවට අපායක් කරවන මංකුලියේ කරවල වාඩි…

0
477

  මීගමුවේ කරවල වාඩි පිළිබඳව විවිධ ගැටළු නිතර අසන්නට සහ දකින්නට ලැබේ. සමහර කරවල මුදලාලිලා  තමන්ට ලැබෙන ලාභය ගැන මිස   පරිසරය ගැන  හෝ කරවල පරිභෝජනය කරන මිනිස්සු පිළිබඳව සිතා තම ව්‍යාපාරය කරන බවක් නොපෙනේ.
   මීගමුව , මන්කුලිය කලපුවට යාබදව ඇති  කරවල වාඩි මේ සඳහා වන හොඳම උදාහරණයකි. මේ අසල දරුවන්  ක්‍රීඩා කරන ක්‍රීඩාපිටියක්ද ඇත. තැනින් තැන මාළු කපා ඉවත දමන අපද්‍රව්‍ය උරවල දමා තිබෙන අතර සමහර මාළු කටු, වරල් සහ ඔළු කලපුවට දමා තිබෙන ආකාරයද දැක ගතහැක. මෙම උරවල පනුවන් දඟලන ආකාරය අපි දැක්කෙමු. මෙකී ස්ථානයේ බලලෙකු බිමට සමතලා වී සිටි පින්තූරයක්    අපි මීට පෙර අවස්ථාවක පළකර ඇත. වැසි දිනවල කළු පැහැ ගත් ජලය මෙම අපද්‍රව්‍ය මිශ්‍ර වීමෙන් යන එන මාර්ගයේ වලවල් පිරී තිබෙන ආකාරය දැකිය හැක.මෙම කරවල වාඩි වලට යන මාර්ගයට හැරෙන ස්ථානය පසුකර යා යුත්තේ එවැනි වතුර වලක්  පසුකරමින්ය. මෙම ස්ථානය නිතර කුඩා දරුවන්ද යන එන , ගැවසෙන ස්ථානයකි.

නියමිත ලෙස තම කරවල ව්‍යාපාරය කරන ස්ථානද මීගමුව අවට නැතුවා නොවේ. මෙම ව්‍යාරිකයින් මේ සඳහා ගන්නේ ප්‍රමිතියකින් යුතු මාළුය. ඔවුන්ට අපේ ගෞරවණීය ආචාරය පිරිනමමු .
නමුත් බහුතරයක් කරවල වාඩි කරා ⁣රැගෙන යන්නේ විකුණා ගැනීමට නොහැකිවු , ප්‍රමිතියකින් තොර මාළු බව අප දැක ඇත්තෙමු . අසා ඇත්තෙමු .
මෙය ප්‍රසිද්ධ රහසකි.
එබැවින් මෙම තත්ත්වය පළමුව අවබෝධ කර ගතයුත්තේ අදාල බලධාරීන්ය. එසේම කරවල මුදලාලිලාද තමන්ගේ මෙම ව්‍යාපාර යහපත් අන්දමින් කරගෙන යාමට පියවර ගත යුතුය . මන්ද ජනතාව සහ පරිසරය රැකගැනීම අප කාගෙත් යුතුකම සහ වගකීම වන හෙයිනි .
සැම්සන් ඥානසිරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here