මාළු හිඟ නිසා වෙළෙන්දෝ කනස්සල්ලෙන්…

0
115

IMG-20201125-WA0020IMG-20201125-WA0018

⁣ කොරෝනා වසංගතය නිසා මීගමුව අවධානම් කලාපයක් බවට පත්කර ඇත. මේ නිසා ප්‍රධාන ලෙල්ලම සහ කුට්ටිදූව ලෙල්ලමද වසා ඇති බැවින් එහි මාළු වෙළඳාමක් සිදුවන්නේ නැති අතර ධීවර ජනතාව මසුන් ඇල්ලීම සඳහා මුහුදට යන්නේ මද වශයෙනි.
නමුත් පලඟතුරේ යම් ප්‍රමාණයකට වෙළඳාම සිදුවේ. අද දිනයේ වුවද වෙළෙන්ඳන් කිහිප දෙනෙකු කළින් අල්ලන ලද පරව්, ලින්නා , කෙලවල්ලන් සහ ඉස්සන් විකුණන ආකාරය දැක ගතහැකි විය. එසේ වුවත් , ඊයේ සුළං සමඟ පැවති වැසි තත්වය නිසා ධීවරයින් මුහුදු නොගිය බවත්, ඒ නිසා අද (25) දිනයේ මාළු අඩුවී ඇති බවත්, යතුරු පැදි මාළු වෙළෙන්දෙක් පැවසීය. එබැවින් ඔවුන් තැනින් තැන තම යතුරු පැදියෙන් සහ පාපැදියෙන් මාළු ඇති තැන් සොයා යන නමුත්, මාළු නැති නිසා හිස් අතින් දුකසේ ආපසු යන අකොරයත් දැකගත හැකි විය.

සැම්සන් ඥානසිරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here