මාළුන්ගෙන් කොරෝනා පැතිරෙන්න පුළුවන්ද ?

0
147

tuna-yellowfin-tuna-at-negombo-market1මත්ස්‍යයින්ගේ පෘෂ්ඨය මත කොවිඩ් වෛරසය සජීවී ආකාරයෙන් කෙතරම් කාලයක් පවතින්නේද යන්න පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරු හමුවී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, කොවිඩ් 19 වෛරසය එක්තරා කාලයක් යම් පෘෂ්ඨයක් මත පැවතිය හැකි බවය.

“වුහාන් ප්‍රාන්තයේ ආරම්භයේ දී මේ රෝගය ව්‍යාප්ත වුණේ මාළු වෙළෙඳ සැලක් ආශ්‍රිතව ඒ නිසා මේ අවස්ථාවේ දී අපි හරියටම නිශ්චිතවම කියන්න දන්නේ නැහැ මාළුන්ගේ මේ වෛරසය තැවරී තිබෙනවා නම්, ආසාදිතයෙකුගෙන් එය කොයිතරම් දුරකට තවත් කෙනෙකුට ව්‍යාප්ත වීමට බලපානවා ද කියලා. නමුත් ඒ නිසා මාළු ආහාරයට ගැනීමෙන් වැළකී සිටීමේ කිසිදු අවශ්‍යතාවයක් නැහැ. අපි නිතරම කියන විදියට සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කරනවා නම් කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නෑ. යම් ආකාරයකින් මාළු පිරිසිදු කිරීමක් හෝ අතපත ගෑමක් හෝ ස්පර්ශ කිරීමෙන් මෙන්ම ඒ අවස්ථාවේ දී මුහුණ ඇල්ලීමෙන් වැළකී සිටින්නේ නම් අපිට පුළුවන් වෙනවා, මේ කොවිඩ් 19 වෛරසය යම් අවධානමක් තිබෙනවා නම් මාළුවල පෘෂ්ඨයේ තැවරිලා තිබිලා කෙනෙකුට ඒක අවම කර ගන්න පුළුවන්. ඒ නිසා මේ වෙලාවේ දී මාළු පරිභෝජනය ගැන බියක් හෝ චකිතයක් තියෙනවා කියලා අපි විශ්වාස කරන්නේ නෑ.“
මේ අතර පෑලියගොඩ වෙළඳ මධ්‍යස්ථානය කේන්ද්‍රකොට ගනිමින් කොරෝනා ආසාදිතයන් හමුව තිබිම හේතුවෙන් මේ වන විට එය වසා දමා තිබේ.
එමෙන්ම පෑලියගොඩ ඇතැම්  වෙළදුන් වෙන්නප්පුව මෙන්ම හලාවත ධිවරය ප්‍රදේශවලට පැමිණෙමින් තිබිම නිසාස ඒ ජනතාව අතරද යම් බියක් වර්ධනය වෙමින් ඇතැයි වාර්ථාවේ.
මේ පිළිබදව අදාල ප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කඩිනමින් අවධානය යොමුකළ යුතුව තිබේ.කෝකිලායි, මුලතිව් ,නයාරු යන ප්‍රදේශවලින් අල්ලනු ලබන මසුන් පසුගිය දිනවල පෑලියගොඩට මෙන්ම මිගමුවට අලෙවිය සදහා රැගෙන එනු ලැබුවද ඇදිරි නිතිය හේතුවෙන් මිගමුවේ ලෙල්ලම්ද මේ වන විට වසා දමා ඇති නිසා මේ මසුන් අද සිට බහුල වශයෙන් ගෙන එනු ලබන්නේ වෙන්නප්පුව ,හලාවත යන ප්‍රදේශවලට බව ධිවරයෝ පවසා සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here