මැක්ස් Vs ක්ලෙමන්ට් සිදුවිම මීගමුව පොලිසියේ ලිට්මස් පරික්ෂණයයි !

0
337

Max 8

ක්ලේමන්ට් ප්‍රනාන්දු ඇප ලබාපිටයැමට සැරසෙන අයුරු
ක්ලේමන්ට් ප්‍රනාන්දු ඇප ලබා පිටව යැමට සැරසෙන අයුරු

මුහුණු පොතේ විවේචන

IMG_20200507_072218මැක්ස්ට සාධාරණය ඉටුකරන ලෙස රටපුරා විවිධ සමාජ කණ්ඩායම් මේ වන විට පෙළගැසෙමින් සිටිති. මේ බහුතරයක්ගේ විරෝධයේ තරම විනාඩි 5 කට සමාජය මාධ්‍ය තුලට එබි බැලිමෙන් ඔබට තේරුම් යනු ඇත.
මේ වන විට ක්ලෙමන්ට් ප්‍රනාන්දු  වටා සිය වෘත්තිය ජිවිතයත් සමාජය ජිවිතයත් දැඩි විවේචනයකට ලක්කරමින් දැවැන්ත සමාජ මාධ්‍ය විරෝධයක් නිර්මාණය වෙමින් තිබේ. පොලිසිය සම්බන්දයෙන්  මෑත ඉතිහාසය තුල රටේ වැඩිම කථා බහට ලක්වු සිදුවිම බවට මෙය දැන් පත්ව තිබේ.
ඉන් කියැවෙන එක් සත්‍යයක් තිබේ. කිසිවෙකුටත් දැන් වෙට්ටු දමා ඩීල් දමා ඝාතකයා බේරාගැනිමට නොහැකි බවය.
ඒ නිසාම මිගමු පොලිසියේ සිය යුක්තිගරුක බව අපක්ෂපාත බව පෙන්වනු ලබන නවතම ලිට්මස් පරික්ෂණය වනු ඇත්තේ මෙයයි.
මැක්ස්ට වෙඩි තැබුවේ කව්දැයි දැන් පොඩි එකෙකු පවා දනි. එහෙත් අපට ඇති ගැටලුව වන්නේ කටුක ඇත්ත මෙරට ගරු අධිකරණයත් දැන සිටියා ද යන කරුණයි.
මැක්ස් ඝාතනය වන හැටි ගැන විද්‍යාත්මක සාක්ෂි (වීඩියෝ සාක්ෂි ) එසේ තිබියදි සැකකරුව අධිකරණයට ඉදිරිපත්රකිරීමේ දී  ඊට ඇදුන ගිණි අවියක් සම්බන්ධයෙන් සදහනක්  කිසිදු මාධ්‍යයක ඊයේ දිනයේ පළවූයේ නැත.

ඒ අනුව ගරු අධිකරණය හමුවට ඔහුව ඉදිරිපත් කර ඇතැයි හැගෙන්නේ සත්ව ඝාතනය පිළිබද සැකකරුවෙකු යන ලේබලය යටතේය. ඒ අනුව ගිනි අවි කථාවක් නැත.
ප්‍රශ්ණය ඇත්තේ එතනය.
අදාල විශ්‍රාමික පොලිස් නිළධාරියාගේ නිවෙසේ සිට පැහැදිලිව වෙඩි ප්‍රහාරයක් එල්ලවන බව පොලිසියටද ඉතා හොදින් පෙන්වා දිමට සත්ව අයිතිවාසිකම් සංවිධානද පියවර ගෙන තිබුණි.මිගමුව පොලිසිය විසින්ද දුටු ඒ CCTV දර්ශණ දැන් රටත් ලෝකයාත් දනි.
එසේ  නම් මැක්ස්ව ඝාතනය කළේ ගිනිඅවියකින් යැයි මිගමුව පොලිසිය ගරු අධිකරණයට වාර්ථා කර තිබුනේ නැද්ද යන ගැටළුව බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා ඊයේ සවස් වරුවේ මාධ්‍ය වල අවධානයට යොමුකර තිබුණි.
අද රටම අසන ප්‍රශ්ණයද එයයි. එය කිසිසේත් මගහැර යාමට මිගමුව පොලිසියට බැරිබව පමණක් අප යළිත් අවධාරණය කරමු.
Save Paw with love සංවිධානය මිගමුව පොලිසිය වෙත පැහැදිලි අභියෝගයක් එල්ල කර තිබේ.
එමෙන්ම බ්‍රිටෝ ප්‍රනාන්දු විසින්ද මතුකර ඇත්තේ මිගමුව පොලිසියට කිසිසේත්ම මගහැර යානොහැකි ඇත්තම ප්‍රශ්ණයයි.
එයට මුහුණ දෙන ආකාරය යනු පොලිසියේ ලිට්මස් පරික්ෂණය බව අප අවධාරණය කරන්නට කැමැත්තෙමු.

Shivanthi Sansoni – Save Paw with love සංවිධානය

Culprit of the dog killer was bailed and next hearing on 18 th may
We will be taking this very seriously…
When solid evidence was given with all cctv footages.. Why he was bailed…
Law have to e equal to all.
Remember the case in nikawaratiya, guy got in the jail for killing the dog and why it was not happen with this crystal clear case..
Is it because of he is a retired police officer


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here