මැක්ස් ඝාතන නඩුවේ චූදිත විශ්‍රාමික පොලිස් අධිකාරි ක්ලෙමන්ට්ගේ ඇප හෙට අවලංගු වෙයිද ????

0
171

BritoIMG_8109මැක්ස් නම් වු සුනඛ සුරතලෙකු වෙඩි තබා ඝාතනය කිරිම පිළිබදව චෝදනා ලැබ සිටින මිගමුව පෙරියමුල්ලේ ශා. අන්තෝනි පාරේ අංක 70 දරණ නිවසේ පදිංචි විශ්‍රාමික පොලිස් අධිකාරිවරයෙකු වන ක්ලෙමන්ට් ප්‍රනාන්දුගේ ඇප අවලංගු කරන්නේද යන්න ගැන තිරණය කිරිම හෙට පැවැත්විමට නඩු විභාගයේ ප්‍රධාන කරුණ වි තිබේ.IMG-20200507-WA0046Max 8
පසුගිය 18 වෙනිදා පැවැති නඩුවිභාගයේදි මේ බව මහේස්‍රාත්තුමිය විසින් අධිකරණය හමුවේ දැනුම් දි තිබුණි.
වෙසක් පෝ දා මැක්ස්ව වෙඩි තබා ඝාතනය කළ බව දැන් රටම දනි. එහෙත් මේ විශ්‍රාමික පොලිස් අධිකාරිවරයාට ඇප ලබාගැනිම වෙනුවෙන් අධිකරණයද නොමග යවා මිගමු පොලිසිය විසින් කරන්නට යෙදුන මගඩිය දැන් රට හමුවේ හෙළිවි හමාරය.
ඒ ගැන වඩාත් හොදින් පසුගිය 18 වෙනිදා මාධ්‍ය හමුවේ හෙළිකරන්නට මැක්ස්ගේ හිමිකරු වන බ්‍රිටෝ ප්‍රනාන්දු මෙන්ම නිතිඥ අසාන් ප්‍රනාන්දු කටයුතු කර තිබුණි. එහිදි බ්‍රිටෝ ප්‍රනාන්දු විසින් මිගමුව මුලස්ථාන පොලිස් පරික්ෂක වුඩ්ලර් හට දැවැන්ත විවේචනයක් එල්ල කර සිටියේය.
ඔහු කියා සිටියේ වුඩ්ලර් යනු කියන දේ කරන කොන්ද පණ ඇති නිළධාරියෙකු තමන් කලින් හිතා සිටි බවය.මිගමුව පොලිසිය විසින් ගරු අධිකරණයද නොමග යවා ඇති අයුරු ගැන කරුණු සහිතව මාධ්‍ය වෙත එදා නිතිඥ අසාන් ප්‍රනාන්දු විසින් හෙළිකර සිටියේය.
සැබැවින්ම මිගමුව පොලිසිය දැනමටත් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම අවමානය ලක් කර හමාරය.IMG_20200507_072218
තරු පටි පැළද ඉහල යන්නට බලා සිටින මිගමුවේ උසස් පොලිස් නිළධාරින්ටද මැක්ස් ඝාතනය පාරාවළල්ලක් වනවාට සැක නැත.
පුරවැසියන් අඩු යටත්වැසියන් වැඩි මිගමුවට හෙට දිනය ඉතා වැදගත්ය.
මිගමුව පොලිසිය හෙට අල්ලන්නට යන අඩව්ව ගැන දැන් රටම බලා සිටි.