මැක්ස් ඝාතනය කළ ස්ථානයේ තිබුණ පතොරම් කැබලි රස පරීක්ෂකට…..

0
294

max6පසුගිය 18 වනදා මැක්ස් නම් සුරතල් සුනඛයාගේ ඝාතනය සම්බන්ධයෙන් නඩු විභාගය ආරම්භ කළ අතර එදින මිගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් රාජින්ද්‍රා ජයසූරිය විසින්  මෙම ඝාතනය සම්බන්ධයෙන් සියලු පරීක්ෂණ වාර්තා මැයි මස 22 වනදා අධිකරණයට  ඉදිරිපත් කරන ලෙස මීගමුව පොලීසියට නියෝග කරන ලදි.
ඒ අනුව අද (22 ) වනදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී මේ සම්බන්ධව පැවතුණ නඩු වාරයේදී පොලීසිය විසින් මැකස්ගේ දේහය සම්බන්ධයෙන්  මිගමුවේ පශුවෛද්‍යවරයෙකු විසින් සිදුකරන ලද පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර තිබේ. ඒයට අමතරව වෙඩිතැබීම සිදුවූ සථානයේදී සොයාගනනා ලැදැයි පොලීසිය විසින් පවසන පතොරම් කැබලි රජයේ රජ පරීක්ෂක වෙත යැවීමට අධිකරණයෙන් අවසර ලබාදෙන ලෙස මිගමුව පොලීසිය ඉල්ලා ඇත.
මෙම සත්ව ඝාතනයට එරෙහිව ක්‍රියාත්මක හේතුවෙන් තමන්ට නිර්නාමික දුරකථන වලින් තර්ජන එල්ල වන බව සේව් පාවෝ සංවිධානය විසින් පසුගිය 18 වනදා මීගමුව පොලීසියේදී පැමිණිල්ලක් ගොනුකොට ඇත. අද මීගමුව පොලීසිය විසින් ඒ සම්බධයෙන් විමර්ශනය කිරීම සදහා එම දුරකථන පිළිබද දත්ත් වාර්තාවාක් ලබාගැනීමට අධිකරණ නියෝගයක් ලබාදෙන ලෙස මහේස්ත්‍රාත් අධිකරණයේදී ඉල්ලා තිබුණි.
මැක්ස් ඝාතනය සම්බන්ධයෙන් දැනට චෝදනා ලැබ සිටින විශ්‍රාමික පොලිස් අධිකාරිවරයාගේ ඇප අවලංගු කරන්නේද යන්න පිළිබදව මැයි 26 යෙදි ඇති මිළඟ නඩුවාරයේදි තිරණය කිරිමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here