මැක්ස්ට වෙඩි තියපු තුවක්කුව හොයාගන්න මිගමු පොලිසියට හැකිවෙයිද ? නඩුව හෙට ( මැයි 18 )

0
324

Max 8max6රටක් කථා කළ මැක්ස් ඝාතනයට ආදල තුවක්කුව මේ වන තුරුත් හොයාගෙන ඇති බවක් වාර්ථා නොවේ.පසුගිය දිනක මිගමුව පොලිසියට මැක්ස්ගේ හිමිකරු සහ තවත් සත්ව අයිතිවාසිකම් සංවිධානයක නියෝජිතවරියක් ගොස් තිබුන අවස්ථාවේ මුලස්ථාන පොලිස් පරික්ෂක වුඩ්ලර් මහතා ඒ අය හමුවේ කියා තිබුනේ තුවක්කුව තමන් කෙසේ හෝ හොයාගන්නා බවය.
මැක්ස්ට වෙඩි තැබිම පිලිබදව විශ්‍රාමික පොලිස් අධිකාරිවරයෙකු වන ක්ලෙමන්ට් ප්‍රනාන්දු ට චෝදනා එල්ලවි තිබේ.
ලක්ෂ 5 ක ශරිර ඇප 2 ක් මත සිටින මේ විශ්‍රාමික පොලිස් අධිකාරිවරයා වැඩබලන මහෙස්‍රාත් හමුවට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ ගිනි අවියකින් වෙඩිතබා සුනඛයෙකු ඝාතනය කිරිම යන චෝදනාව පොලිසිය විසින් ඉදිරිපත් කර තිබුණ බවක් දැනට දැනගන්නට නැත.
ඒදා ඇප ලැබෙන්නේ ඇත්තේ ඒ අනුවය.
එසේ නොවුනේ නම් ගිනි අවියක් බැදුන කරුණකදි ඇප ලැබිමක් සිදුනොවේ.
කෙසේ වෙතත් හෙට දිනයේ ( මැයි 18 ) මිගමුව පොලිසිය කරන්නට යන්නේ කුමක්දැයි රටක් බලා සිටි.විශ්‍රාමික පොලිස් අධිකාරිවරයා එරෙහිව ගිනි අවියකින් සුනඛයෙකු ඝාතනය කිරිම පිළිබදව සත්‍ය සිදුවිම හෙට දිනයේ උසාවිය හමුවේ මතුකෙරෙනු ඇත.
සත්ව සංවිධාන ගණනාවක්ම  දැනටමත් මේ සම්බන්ධයෙන් ක්‍රියාකාරිව මැදිහත් විමෙන් සිටිති.