මැතිවරණ සටන මෙහෙයවිමට එජාපෙන් ක්‍රියාකාරි නායකයෙක් ?

0
86

UNPඉදිරි මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය මෙහෙයවීම සඳහා ක්‍රියාකාරී නායකයකු පත් කිරීම කෙරෙහි නායකත්වයේ අවධානය යොමුව ඇති බව අරුණ පුවත් පත වාර්තා කර තිබේ.

එහි වැඩිදුරත් සදහන් වන්නේ ඒ සඳහා වත්මන් කථානායක කරු ජයසූරියගේ නම යෝජනා වී ඇති බවය
විපක්ෂ නායක තනතුර සමග පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාසට ලබාදෙන ලෙසට ඉල්ලා සිටියද එජාප ව්‍යවස්ථාව අනුව නායකත්වයට පත්වන තැනැත්තාට එම ධුරයේ වසර පහක් කටයුතු කිරීමට හැකිවේ. ඒ අනුව වත්මන් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ලබන 2023 වන වසර දක්වා නායකත්වයේ කටයුතු කිරීමට අවස්ථාව තිබේ.

මේ අතර සජිත් ප්‍රේමදාස එජාපයේ නායකත්වය ඉල්ලා සිටියද  ඉදිරි මහ මැතිවරණයට තරග කිරීම සඳහා වෙනත් පක්ෂයක් සමග සාකච්ඡා කර ඇති බවට රනිල් වික්‍රමසිංහට හෙළිවී ඇතැයිද අරුණ පුවත් පත තවදුරත් හෙළිකර තිබේ.
මේ පිලිබදව එජාපේ කණිෂ්ඨ මන්ත්‍රිවරුන් පිරිසක් මෙන්ම ජේෂ්ඨයන් පිරිසක්ද දැනුවත් කර ඇතැයිද තවදුරටත් එම පුවතේ සදහන්ය.