මැතිවරණය කල් දමන්න – රනිල් සහ සජිත් ඉල්ලයි ! කුමන තත්ත්වයක් පැවැතියත් මැතිවරණය පවත්වනවා – මැකෝ

0
229

Ranil-Wickramasingheමේ වන විට රට පුරා දෙවන කොරෝනා රැල්ල පැතිරයාමේ අවදානමක් පවතින බැවින් මැතිවරණය පවත්වන්නේද? නැද්ද? යන්න සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව හා සාකච්ඡා කොට රජය ඉක්මන් තීරණයක් ගත යුතු බව එජාප නායක රනිල් වික්‍රමසිංහ පැවැසීය.

රට පුරා මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට අපේක්ෂකයන් මුදල් වැය කරමින් සිටින බවත් තවත් කල්ගොස් හදිසියේ මැතිවරණය කල් දැමීමට කොමිෂන් සභාව තීරණය කළහොත් එම වැයකරන මුදල් අපතේ යාමක් බවත් හෙතෙම පවසයි.

එජාපයෙන් මහනුවර දිස්ත්‍රික්කයට තරග කරන අපේක්ෂකයන් දිරි ගැන්වීම සඳහා ඊයේ (12දා) මහනුවර ඊ.එල් සේනානායක ළමා පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැති උත්සවයකදී එජාප නායකයා මේ බව පවසා තිබුණි.

සෞඛ්‍ය අංශ, වෘත්තිය සංගම් ඇතුළු සියලුදෙනා එක් ස්ථානයකට කැඳවා රටේ සැබෑ වාතාවරණය පිළිබඳ විධිමත් සාකච්ඡාවක් පවත්වා ඉක්මන් තීරණයක් ගත යුතුව තිබෙන බවත් තවත් කල්ගොස් මැතිවරණය කල් දැමීමට තීන්දු කළහොත් ඉන් සියලුම පක්ෂවල අපේක්ෂකයන්ට අසාධාරණයක් වන බවත් හෙතෙම කීය.

sajithtමේ අතර  වත්මන් රජය වහාම මහමැතිවරණය කල්දැමිය යුතු බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබුණි. ඒ අතුරුගිරිය ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමිනි.

කොරෝනා දෙවැනි රැල්ලක් සම්බන්ධයෙන් සියලු තොරතුරු නිකුත් කරනු ලබන්නේ ආණ්ඩු පාර්ශවයෙන් පමණක් බවත් මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා එහිදි පවසා තිබේ.මෙම තොරතුරුවල සත්‍යතාවය පිළිබඳව විශාල ව්‍යාකූලත්වයක් පවතින බව ද ප්‍රේමදාස මහතා මෙහිදී කියාසිටියේය.

නමුත් අද වන විට කොරෝනා දෙවැනි රැල්ලක් නිර්මාණය වී ඇති බව ආණ්ඩුව පිළිගෙන ඇතැයි ද පැවසු ප්‍රේමදාස මහතා, තමා ප්‍රමුඛ පක්ෂය මැතිවරණ කොමිසමට ගොස් මෙය මැතිවරණයක් පැවැත්වීමට සුදුසු කාලයක් ‍නොවන බව කිසිදු “ඩීල්“ එකකින් තොරව පැවසු බවත් සඳහන් කළේය.
මැතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන පක්ෂ  දෙකක නායකයන් සිය අවධාරණයන් මැතිවරණය ගැන මතුකර තිබියදි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කියා තිබුණේ කුමන් තත්වයක් යටතේ හෝ මැතිවරණ කල් නොදමන බව පවසා ඇති බව දිණමිණ වෙබ්අඩවිය වාර්ථා කොට තිබේ. එහි වැඩිදුරටත් මෙසේද සදහන්ය.
Mahinda-deshapriya-EC

කුමන තත්ත්වයක් පැවැතියත් මැතිවරණය පවත්වන බවත්, ලෝකය කැරකීම නතර වුව හොත් පමණක් මැතිවරණය නොපැවැත්වෙන බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ඒ හැර පාර්ලිමේන්තු මහ මැතිවරණය පවත්වන දිනයෙහි වෙනසක් නැතැයි ද හෙතෙම ප්‍රකාශ කළේය. අගෝස්තු 05 වැනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය වෙනුවෙන් මැතිවරණ කොමිසම මෙන්ම අදාළ නිලධාරින් සූදානමින් සිටින බවත් සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලබාදි ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මැතිවරණය පැවැත්විම සියලු කටයුතු සුදානම් බවත් හෙතෙම පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here