මැයි රැළියට යන්න සෙනග නැති නිසා මීගමු වැල්ලේ හංගපු බස් 5 කාගේද ??

0
280

BUsලංකාවේ විවිධ ස්ථානවල පැවැති මැයි රැළි සදහා මීගමුවෙන් ජනයා ගෙනයාමෙ සදහා ප්‍රධාන පෙලේ දේශපාලන පක්ෂ අතර මෙන්ම දේශපාලන පිල්වලද මුලිකයන්ට තිබුනේ මහත් උද්යෝගයකි.
මෙහි තරගය වි තිබුනේ වැඩිම බස් රථ ගණනක් ගෙනියන්නේ යන්නේ කව්ද යන කාරණයයි.
මේනිසාම  රු 1000 යි කන්නයි බොන්නයි දෙනව යමල්ලා මැයි රැළියට යැයි මෙහෙයුමක්ද මීගමුව වෙරළ තිරයේ පසුගිය දිනවල ක්‍රියාත්මක ව තිබුන බවට තොරතරු අප විසින් හෙළිකර සිටියෙමු.
ඒ අනුව බස් 10 කට සෙනග නැති නිසා බස් රථ 5 ක් මීගමුව වැල්ලේ ජෙට් වින් හෝටලය පිටුපස ගාල් කර තිබුන බවට අප වෙත ඊයේ තොරතුරු ලැබුණි.
මේ කාගේ බස් දැයි දන්නෝ දනිතියි ප්‍රදේශවාසිහු පවසා සිටිති.
බ්ච් පාක් එකේ මේ බස් රථ නවතා තිබුනේ නම් වැඩේ අතටම මාට් විය හැකි නිසා මෙසේ මේ බස් රථ ජෙට්වින්ග් එක පිටුපස වැල්ලේ සගවා තිබුනේ යැයි අපගේ ආරංචි මාර්ග දක්වා සිටි.