මැරකමට ලයිසන් දි ඇති රටක සුදර්දීන්ලාගේ කථාව

1
162

P1060862

තමා දන්නා කර්මාන්තයක් කතරමින් දුකසේ  තම පවුල පෝෂනය කල අසරණ මිනිසෙකු තවත් අන්ත අසරණභාවයට ලක් කල ශෝකාන්ත සිදුවීමක් පසුගිය පෙබරවාර් 20 වැනි දින වාර්තා වන්නට විය. තමන් දන්නේ හ`දුනන්නේ නැති කිසිදා  කථා බහ කර නොමැති පුද්ගලයෙකු විසින් තම වම් අතේ මැනික් කටුවට පහල කොටසත් එලෙසම දකුණු අතේ ඇ`ගිලි 03 කුත් වෙන් වෙන්නම කැපී යනසේ එල්ල කල දරුණු හා මාරාන්තිතක පිහි පහර කිහිපයකට ගොදුරු වීමට මේ අසරණ මිනිසාට සිදු විය. 38 හැවිරිදි සිව් දරු පියෙකු වූ ඔහු කාලික් සුදර්දීන් මොහොමඞ් නිසර් ය. ඔහු ජීවත්වන්නේ මීගමුව, ගෝමස් වත්ත ප‍්‍රදේශයේ. පසුගිය වසර 08 ක් වැනිි කාලයක් තුල ඔහු ජීවත් වීම ස`දහා කළේ තම පාපැදියෙන් ගොස් තී‍්‍ර රෝද රථ වල රෝද වල නිපල් වලට ගී‍්‍රස් ගැසීමයි. එයින් ලද සු`ඵ මුදලින් හා තම බිරි`ද වන 34 හැවිරිදි ජසින්තා පරිමාලර් විසින් ඞීන් හංදියේ ඇති මත්ස්‍ය ඇසුරුම් හලක සේවයෙන් උපයන සු`ඵ මුදලින්ද පාසල් යන දරුවන් සිවු දෙනෙකුද සම`ගින් යන්තම් ජීවිතය ගැටගසා ගෙන සමාජයට බරක් නොවී ජීවත් වීමට ඔවුනට හැකි විය. එහෙත් අද ඔහුට සිය වමතේ කොටසක්ද දකුණතේ ඇ`ගිලි 03 ක්ද අහිමිව ඉතා අසරණ තත්වයකට පත්ව ඇත. තම ජීවිතය පිලිබ`දවත් තම දරුවන් සිව් දෙනාගේ හෙට දවස පිලිබ`දවත් ඔහුට අද ඇත්තේ අවිනිශ්චිතවූ හැ`ගීමකි. එදින තමන් මුහුණ පෑ එම මාරාන්තික සිදු වීම නැවත ඔහු අප වෙත ආවර්ජනය කළේ මෙසේයි.

‘‘ අපි බෝහෝම දුප්පත් මිනිස්සු. මම අද ඉන්න මේ පර්චස් 04 ඉඩම පවා මට ලබා දුන්නේ අපේ මුස්ලිම් පල්ලියෙන්. මේ ඉඩමේ පොඩියට පැලක් වාගේ අටෝගෙන තමයි අපි තවම ජීවත් වෙන්නේ . ඉස්කෝලේ යන පිරිම් දරුවෝ දෙන්නෙකුයි, ගැහැණු දරුවෝ දෙනේනෙකුයි අපිට ඉන්නවා. මම කරන රැුකියාව මීගමුවේ වෙන කවුරුවත් කරන්නේ නැහැ. ඒක නිසා යම් තම් හෝ කාලා ඇ`දලා දරුවෝ හතර දෙනා එක්ක ජීවත් වෙන්න පු`ඵවන් වුනා. එදා මම හවස 3.30 ට විතර වැඩ ඉවර වෙලා මට හිතුනා ඇෙ`ග් අමාරුව යන්නත් එක්ක බියර් බෝතලයක් බොන්න. මම ඒ වෙලාවේ හිටියේ ද`ඵපත. ඒ හංදියේ තිබුන රෙස්ටුරන්ට් එකට ගිහින් බියර් බෝතලයක් අරගෙන බොන්න යද්දී එතනට ආපු  මම කවදාවත් දැකලා නැති කෙනෙක්  මගේ බියර් බෝතලයෙන් භාගයක් විතර බීලා මේසේ උඩින් තියලා මගේ අතේ තිබුන සිගරට් එකත් බලෙන්ම උදුරගෙන බිව්වා. ඒ එක්කම වාගේ ආයෙත් ඇවිත් ඉතුරු බියර් භාගයත් බීලා තව බෝතලයක් අරං දෙන්න කිව්වා. මම කිව්වා මගේ ගාව සල්ලි නැහැ කියලා. ඒ වෙලාවේ ඒ මනුස්සයා වෙරි ගතියෙන් හිටියේ. සල්ලි නැත්නම් මනුස්සයෝ මොකටද අවේ කියලා අහලා, ඉන්නවා මගේ ගානේ එකක් බොමු කිව්වා. පස්සේ බියර් බෝතලයක් ගෙනල්ලා මට බොන්න කිව්වා. මම බිව්වේ නැහැ. බොන්නේ නැතුව නැගිටලා එන්න හදන කොටම මට ගැහැව්වා පුටුවේ ඉද`ගන්න කම්ම. මම අයෙත් නැගිටලා එන්න හදද්දීම මට අයෙත් ගැහැව්වා. ආයෙත් සැරයක් එලියට එන්න හදන කොටම මේසේ උඩ තිබුන බියර් බෝතලය කුුඩු වෙන්නම මට ඔලූවට ගැහැව්වා. ඉන් පස්සේ එලියට විසි වෙන්නම පයිනුත් ගැහැව්වා. පස්සේ මමත් මිනිහට ගැහැව්වා එලියේ තිබුන කානුවට වැටෙන්නම. ඒ වෙද්දීත් කවුරුවත්ම ආව් නැහැ. මොකක්ද මේ රණ්ඩුව කියලා බලන්නවත්. ඒත් එක්කම ඒ මනුස්සයා ළ`ග තියෙන කඬේකට ගිහිල්ලා ලොකු මන්නා පිහියක් අරගෙන එක පාරටම මාගේ දකුණු පැත්තෙන්    ඇවිත් බෙල්ලට කොටන්න ආවා. ඒක මම මගේ දකුණු අතෙන් වලක්වන්න යද්දී තමයි ඒ පිහි පහර මාගේ දකුණු අතේ වැලමිටට උඩින් කැපිලා ගියේ. එතැනට මැහුම් 50 ක් දාලා තියෙනවා. ඒත් එක්කම ආයෙත් මගේ දකුණු පැත්තේ ඉ`දලාම මාගේ බෙල්ලට කොටන්න ආවා. ඒක අල්ලන්න ගිහින්න තමයි මගේ දකුණු අතේ ඇ`ගිලි 03 ක් වෙන් වෙන්නම කැපුනේ. ඊට පස්සේ තමයි ඒ මනුස්සයා මාගේ වම් පැත්තට ඇවිත් අයෙත් බෙල්ලට කොටන්න ගියේ. ඒක වලක්වන්න ගිහින් තමයි මගේ වම් අත මැනික් කටුවට ඉහලින් වෙන් වෙන්නම කැපුනේ. ඒ අත් කෑල්ල කැපිලා බිමට වැටෙනවාත් එක්ක ඒ මනුස්සයා භය වෙලා පිහියත් අරං පැනලා දිව්වා….. ඉන් පස්සේ මාව මීගමු ඉස්පිරිතාලෙටත් එතැනින් කොළඹටත් අරං ආවා. මට ඒ දොස්තරලා කිව්වා මේ දැනෙන වේදනාව හිරිගතිය වාගේ දේවල් නැතිව යන්න සෑහෙන කාලයක් ගත වෙයි කියලා.  මම මාර්තු 03 වැනිදා තමයි ගෙදර ආවේ’’

අනපේක්ෂිතව  මුහුණ දුන් මේ සිදුීමෙන් පසුව සුදර්දීන් සිය ද ෑත් දෙකම අහිමිව රැුකියාව ද කරගත නොහැකිව සිය නිවසට වී සිටින්නේ දරිද්‍රතාවයේ අග්ගිස්සටම පත්වූ සිය දරුපවුල ඉදිරියේ කරකියාගත නොහැකි වූ මිනිසෙකු ලෙසිනි.   අද වන විට ඔහුගේ නිවසට නල ජලය ලබා ගැනීමට පහසුකම් ඇතත් නිසි වැසිකිලි පහසුකම් ඒ නිවසට නොමැත. ඒ නිසාම ඔවුන් අසල්වැසි වැසිකිලි පාව්ච්චි කිරීමට පෙළඹී තිබේ.  ඔහුගේ දෑත්වලින් කිසිදු කාර්්‍යයක් කර ගැනීමට නොහැකි නිසා ඔහුගේ වැඩිමහල් 14 හැවිරිදි පුතු සිය පාසල් ගමන නවත්වා තම පියාගේ සත්කාර කරමින් සිටියි. සුදර්දීන් ගේ දෑත් දෙක සිය පුතුය. ඔහුගේ  බිරි`ද රැුකියාවට ගිය විට ඔහු සම`ග නිවසේ රැුෙ`දන්නේ ඔහුගේ එම වැඩිමහල් පුතුය. ඔහුගේ සහ එම පවුලේ අනාගතය අද වන විට දැඩි අවිනිශ්චිතතාවයක ගිලී ඇත. දැන් ඔහුගේ බලාපොරොත්තුව වන්නේ තව ටික කලකින් තම වැඩිමහල් පුතුව ඔහු කල තී‍්‍ර රෝද රථ වල රෝද වලට ගී‍්‍රස් ගැසීම ස`දහා යොමු කිරීමටය.

‘‘එහෙම කෙරුවොත් අනෙක් ළමයි තුන්දෙනාටවත් ඉස්කෝලේ යවා ගන්න පු`ඵවන් වෙයි. ඒ ඔහුගේ හා බිරි`දගේ අදහසයි.

‘‘ මාගේ බිරි`ද ගන්න සොච්චම් පඩියෙන් අපිට ජීවත් වෙන්න බොහෝම අමාරුයි, ළමයි හතර දෙනෙක් එක්ක. ඒකයි ලොකු පුතාව අපි ඉස්කොලේ යවන එක නතර කරන්න හිතුවේ. අනෙක මට තවම තනියම කන්න බොන්ඩ තියා ටොයිලට් එකට යන්නවත් බැහැනේ. අපි වෙන මොනවා කරන්නද ?‘‘.

ඔහු කළ  සෑම ප‍්‍රකාශයකම අද මම දැන් ඉන්න තත්වය බලලා මට මොන ආකාරයකින් උදව්වක් කල හැකි අය ඉන්නවා නම් මට උදව් වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒත් එක්කම මීගමුව පොලිසිය මුල් කාලයේ මගේ සිද්ධියේදී  එතරම් උනන්දුවකින් කටයුතු නොකළත් අවසානයේ ඔවුන් ඉතාම උනන්දුවෙන් ඒ ගැන කටයුතු කෙරුවා. ඉතින් මම මම පොලිසියේ මහත්වරුන්ගෙන් ඉල්ලා සිටින්නේ  මේ සිද්ධිය හො`දට පරීක්ෂණ කරලා මේ වාගේ අසරණ වෙලා මොනවත් වත් කර කියා ගන්න බැරිව ඉන්න මට යම් වන්දි මුදලක් අරගෙන දෙන්න කටයුතු කරන්න කියලයි.

ඒ ඔහුගේ ආයාචනයයි.

ඔහුගේ තතු එසේ වන විට ඔහුට මෙලෙස මාරාන්තික පිහිපහර එල්ල කල ‘‘ මල්ලියා ’’ නැමැති සැකකරුව මීගමු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. එමෙන්ම එම සැකකරු මාස එකහමාරක් පමන කාලයක් කට්ටි පනිමින් සිටි බව ද වැඩි දුරටත් වාර්තා වේ.

මෙවැනි සිදුවීමට මුහුණ දුන් පළමු පුද්ගලයා  සුදර්දීන් නොවුණත් ඔහුගේ මෙම ඉරණමට ගොදුරු වන සමාජ වටපිටාව සම්බන්ධව අප සියලූ දෙනාටම වගකීමක් ඇති බව  මඟහැරිය නොහැකි සත්‍යයකි. එබැවින් සුදර්දීන් මනුෂ්‍යයෙක් ලෙස දැන් මහුණ පා ඇති  අසරණභාවය දරාසිටීම වෙනුවෙන් අපට සමාජ වගකීමක් ඇති බව අප මෙන්ම ඔබද පිළිගන්නා බව අප විශ්වාස කරමු. එබැවින් ඔහුට උදව් කිරීමට හැකියාව ඇති කාරුණික පුද්ගලයන් හෝ සංවිධාන මේ නගරයේ සිටින බව අප දනිමු. ඔවුන් මිපුර පාඨකයන් වූවත්, නොවූවත් අප ඒ සැමගෙන් ඉල්ලීමක් කරමු.   මෙම අසාධාරණයට ලක්වූ දරු පවුල වෙනුවෙන්  තමන්ගේ කරුණාව,ආදරය, සහයෝගය පළ කරන ලෙසයි.

ඒ සඳහා ඔබට මීපුර පුවත්පත හරහා හැකි උපකාරයක් ඔවුන්ට කළ හැක.