මැරයන් විසින් කඩාදැමු සිය නිවස හදාදෙන ලෙස ඉල්ලා ගහක් උඩ උපවාසයක්..

0
97

පිරිසක් පැමිණ සිය නිවස බලහත්කාරයෙන් කඩා ඉවත් කිරිම සම්බන්ධයෙන් කැප්පටිපාන බාදුරාගොඩ ප්‍රදේශයේ 46 හැවිරිදි තිදරු පියෙකු සිය ගෙවත්තේ කොස්ගහකට නැග තමාට සාධාරණයක් ඉටුකර දෙන ලෙස ඉල්ලා ඊයේ( 30 ) සවස උපවාසයක නිරතව සිට ඇත.

සිද්දිය සම්බන්දයෙන් පල්ලෙවෙල පොලිසිය දැනුවත් කලත් ඒ සම්බන්දයෙන් ඉක්මන් මැදිහත්විමක් සිදුනොකළ බව ප්‍රදේශවාසිහු පවසා සිටිති.

පසුව ප්‍රදේශවාසින් විසින් තමාගේ නිවස නැවත එම ස්ථානයේ තාවකාලික ඉදිකරදිමට පොරොන්දුවිමත් සමගින් උපවාසකරු ගසයෙන් බැස තිබුණි
ප්‍රදේශවාසින් විසින් තවදුරටත් පවසා සිටියේ මේ අමන වැඩේ කළ තැනැත්තා සිය මුදල් බලයද භාවිතා කරමින් පොලිසිය ඇතුළු තවත් ආයතනද තමන්ගේ පැත්තට හරවාගෙන අසරණයන් තලා පෙළන බවය.
කෙසේ වෙතත් මේ සිදුවිමට අදාලව පල්ලෙවල පොලිසිය ක්‍රියාත්මකව තිබුණ ආකාරයද සැබැවින්ම පිළිකුල් සහගත යැයි ඔවුන් තවදුරටත් පවසා සිටියහ