මැලේසියානු අගමැති ඉන්දියාවේ නව පනත මුස්ලිම්වරුන්ට වෙනස්කොට සැලකීමක් බව කියයි

0
72

2262c02ea5094a6f902eb9aa2cf03700_18මැලේසියානු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් මහතා ඉන්දියාවේ නව පුරවැසි පනත  විවේචනය කර ඇති අතර එය මුස්ලිම්වරුන්ට වෙනස් කොට සැලකීමක් ලෙස දකින බවත් මේවනවිට දකුණු ආසියානු රටවල් පුරා මාරාන්තික විරෝධතා අවුලුවා තිබෙන බවත් අවධාරණය කරන ලදී. ඊයේ (21) වනදා 2019  ක්වාලාලම්පූර් සමුළුවට සමගාමීව අදහස් දක්වමින් මහතීර්, පුරවැසි සංශෝධන පනතේ (CAA)  අවශ්‍යතාවය පිළිබඳව ප්‍රශ්න කරමින් පැවසූවේ ඉන්දියානුවන් “අවුරුදු 70 ක් එකට ජීවත් වූණා , මෙම නීතිය නිසා මිනිසුන් මිය යනවා, අවුරුදු 70 ක් තිස්සේ ඔවුන් කිසිදු ගැටළුවක් නොමැතිව පුරවැසියන් ලෙස එකට ජීවත් වූ විට මෙම නීතියේ අවශ්‍යතාවය කුමක්ද ? යන්න ඔහු විමසා සිටියා. ”
තවදුරටත් ඔහු පවසා සිටියේ මෙම පනත මගින් අසල්වැසි රටවල් තුනකින් “පීඩා විඳින” සුළු ජාතීන්ට පුරවැසිභාවය ලබා ගැනීම පහසු කරවන නමුත් ඔවුන් මුස්ලිම් ජාතිකයින් නොවේ.

ඉන්දියාවේ බිලියන 1.3 ක ජනගහනයෙන් සියයට 14 කට ආසන්න සංඛ්‍යාවක් හින්දු ජාතියක් ඉන්දියාව ලෙස ප්‍රතිස්ථාපනය කර මිලියන 200 ක් වන මුස්ලිම් ජනතාව කොන් කිරීමට අගමැති නරේන්ද්‍ර මෝදිට අවශ්‍ය බවට භීතියක් පළකර තිබෙන බවටත් ඔහු අවධාරණය කරන ලදී.