මිගමු අරගලයේ ආරම්භය සහ අවසානය

0
507

ගෝල්ෆේස් එකේ අරගලය පටන් ගන්නත් කලින් නුගේගොඩ කොහුවල පැත්තේ විදුලිය පිලිබද ප්‍රශ්ණය මුල් කරගෙන තරුණ සමාජ ක්‍රියාකාරින් පිරිසක් හැමදිනකම සවස් වරුවේ නිහඩ විරෝධතාවයක් කලා.මේ වෙනුවෙන් මිගමුවේත් යමක් කරන්න ඕන කියල කෙටිකතා බහක් ඇතිවුනාම මාර්තු මාසේ දවසක පෙරියමුල්ලේ අපේ සටන් සගයා ජුඩ් ( අපි කියන්⁣නේ කපා කපා ජුඩ් කියල) තනියම සටනට  බැස්සා.

ඒ වෙනකොට තිබුන දැවෙන ජනතා ප්‍රශ්ණ ටික බ්‍ර්ස්ටල් බෝඩ් එකක ලියාගෙන පෙරියමුල්ල පාර අයිනේ පුටුවක් තියාගෙන විරෝධාතවයක් පටන් ගත්තා මේකට මාධ්‍යවලත් ප්‍රචාරයක් ලැබුනා.පෙරිමුල්ල පැත්තෙම තවත් පවුලක් මේ දිනවලම පාරට බැහැල යම් සංකේතාත්මක විරෝධයක් සංවිධානය කරල තිබුන.

අන්න එහෙම තමයි මිගමුවේ වැඩේට පදනම වැටෙන්නේ. මිගමුවේ තෙල්වත්තේ හංදියේ අරගලය පටන් ගන්නේ අප්‍රෙල් 21 වෙනිදා දවසක. අපි කව්රු කැමැති වුනත් අකමැති වුනත් අරගලය කියන්නේ කලින් සකස්කරගත් පිටපතකට අනුව දියත් කෙරුන වැඩ සටහනක්.

මුලින් වුනේ කාන්තාවන්ට මේක දනවන්න කුස්සිය අර්බුදයට යවපු එකට .ඒක කලේ ගෑස් සැපයුම ආඩාල කරල.  ඊට පස්සේ පිරිමින්ට මේක දනවන්න ඉන්ධන සැපයුම අවුල් වුනා. පස්සේ මේ දෙකේම බලපෑම උඩ ගැණුයි පිරිමියි , දෙගොල්ලම පාරට එන්න පටන් ගත්තා.

මේ ඇඟට පතට දැනුන මේ ගෙවල් වලල ප්‍රශ්ණ තමයි ඒ ගෝඨාබය රාජපක්ෂව එලවන්න තරම් ශක්තිමත් රැල්ලක් බවට පත්වුනේ .

මිගමුවේ අඛණ්ඩ දින 100 පුරාවට දියත්වුනේ එ වෙනුවෙන් මුලට දාපු එක සටන් පාඨයක් වටා.ඒ කියන්නේ GOTA GO HOME කියන සටන්පාඨය .

අරගල වලට කවදාමත් නාපු ගැහැණු පිරිමි පාරවල් දිගේ එයාලගේ රිද්මයන් තුල විරෝධතා පෙලගැස්සුවා.
පොලිසියත් හොල්මන්.
තනි කොල්ලෙක් මට බඩගිනියි කියල මිගමු රෝහල ඉස්සරහ බෝඩ් එකක් අල්ලගෙන ඉද්දි එතනට ආපු පොලිසිය අර කොල්ලට දාපු පාට්  අපි හොදට දැක්ක. එතන හිටිය ටිකක් රඟන කෙනෙකුත් . එදාම හැන්දැෙව් වැල්ලවිදියේ කුඩාපාඩුවේ ධිවර කාන්තාවෝ බැස්ස පාරට. එතකොට  පොලිසිය මික් කිව්වේ නෑ.

ඉස්පිරිතාලේ ඉස්සරහ හිටපු තරුණයාට  පාට් දාපු පොලිස් මහත්තුරු ඊට පැය කිපයකට පස්සේ වැල්ලවිදියේ කුඩාපාඩුවේ හැසිරුනේ ට්‍රැප්‍රික් රාහලහාමිවල වගේ. අනේ පාරේ පොඩ්ඩක් ඉඩ දෙන්න. වගේ දේවල් තමයි එහෙ මෙහෙ යන ගමන් කලේ. ඒ තරම් අසරණයි. මේ ගැම්ම මිගමුව තුල පවත්වනගෙන යන්න පුලුවන් වෙන්න ඒ වෙනුවෙන් දවස් 100 ක් කැපවෙන්න ලැස්ති පිිරිසක් තෙල්වත්ත හංදියේ කුඩාරම් ගහපු හින්ද . දවල් රැ නැතිව අරගලය මිගමුව තුල තනි නොකර උයාගෙන කාගෙන අඛණ්ඩව කරගෙන ගියා.

මේ විදියට ගොනුවුන ශක්තිය දවස් 100 කින් පස්සේ එතනින් එහාට අරන් යන්න ගැලපෙන විකල්පයක් හදාගන්න පුලුවන් වුනේ නැ.
පරණ විදියට මිනිස්සු ගැහැණු ගෙවල් වලට වුනා. පවුල් අස්සට ගියා. සංවිධාන අස්සට ගියා. අරගලය ලොප් වුනා.

මිගමුවේදි අරගලයට ඔක්කොම දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන්, ඇතැම් සිවිල් කණ්ඩායම්, සිවිල් පුරවැසියන් , සමාජ ක්‍රියාකාරීන් , හරි හරියට දායක වුණා.  ඉතුරුවුන  අභියෝගය තමයි  ප්‍රජාතන්ත්‍රවායට ලැදි  මීගමුවේ  බහුතරයකගේ  දායකත්වයෙන් පුලුල් ජනසභාවක් හදාගන්න බැරිවුන එක.