මිගමු නගරාධිපතිගේ ව්‍යාපෘති කම්කරු දේශපාලන වැඩසටහන මහනගර සභාවට දැවන්ත අර්බුදයක් නිර්මාණය කර තිබේ ?

0
84

NGB MC( 11.55 am ) දේශපාලන අරමුණ සදහා ශ්‍රමිකයන් ගැන වැඩිපුර හිතු නගරාධිපති දයාන් ලංසා පසුගිය කාලය තුල කම්කරුවන් හට රැකියා අවස්ථාවන් නිර්මාණය කර දිම සදහා විවිධ ව්‍යපෘති සදහා යැයි කියමින් කම්කරුවන් අවස්ථා ගණනවකදි බදවා ගන්නා ලදි.එහෙත් එහි අරුමය වන්නේ මෙසේ බදවා ගෙන ඇත්තේ පාරේ වැඩකටවත් ඕනෑම වෙලාවක යැවිමට හැකියාවක් ඇති කම්කරුවන් නොවේ. මේ අය අතර බහුතරයක් තරුණියන්ය. ඒ  බහුතරයක් දෙනා ජැන්ඩියට ඇද මහනගර සභාව තුලත් තරුණියන් නම් නගරාධිපති කාමරය තුලත් වැඩිපුර ගැවසෙති.
මේ එක් අයෙකු සදහා රු 32000 ක පමණ වැටුපක් ගෙවන අතර ඒ මුදල් එහෙම පිටින්ම ගෙවන්නට සිදුව ඇත්තේ බදුගෙවන මහජනයාගේ මුදලිනි.මන්ද ව්‍යාපෘති කම්කරුවන් නඩත්තු කිරිමට සදහා පළාත් පාලන ආයතනවලට මුදල් රජයෙන් ලබානොදෙන නිසාවෙනි.
පවතින අර්බුදකාරි වාතාවරණය හමුවේ මහනගර සභාවේ අදායම් දිගින් දිගටම අඩුවෙමින් යද්දි රු 32000 ක් බැගින් 160 දෙනෙකු නඩත්තු කිරිම සදහා මුදල් වැය කිරිමට සිදුව ඇත.
මේසා විශාල සේවක සංඛ්‍යාවක් මහනගර සභාවට අවැසිදැයි ප්‍රශ්ණ කරන්නට කොන්දක් ඇති රාජ්‍ය නිලධාරින් නොසිටින නගර සභාවට දැන් මේ තත්වයම බරපතල මුල්‍ය අර්බුදයකි.
(ඡායා- නගරාධිපතිගේ මුහුණු පොතෙනි)