මිගමු නාගරික මන්ත්‍රි ඊෂාක් කාගෙද ? රිෂාඩ්ගෙද ? සජිත්ගෙද? ලංසාගෙද? රනිල්ගෙද ?

0
78

ඊෂාක් 2ඊෂාක් නම් මිගමු නගර සභාවේ නාගරික මන්ත්‍රි එහි එන්නේ රිෂාඩ් බදුර්දින්ගේ පක්ෂයෙනි. ලකුණු මොණරාය. ඊෂාඩ් එවකට යහපාලන රජයේ ඇමතිවරයෙකි.
එහෙත් පසුගිය පළාත් පාලන මැතවරණයේදි ලංසා රිෂාඩ් සමගින් දාගත් ඩීල් එකක ප්‍රතිඵලයක් ලෙසින් රිෂාඩ්ගේ මිගමු නියෝජිතයා වු ඊෂාක්ව නිමල් ලංසා විසින් සිය සහෝදරයාව නගරාධිපති කරවිම වෙනුවෙන් සැකසු ඇහින්දාස් සන්ධානයට එක්කරගෙන  තිබුණි.
පසුව ඊෂාක් සෞඛ්‍ය කමිටුවේ සභාපතිධුරයටද පත්විය..
ලංසා පවුලේ අනුගමනය කරමින් හරක්මස් ගනුදෙනුවලටද ප්‍රසිද්ධව තිබුණි.
දැන් රිෂාඩ් ඉන්නේ සජිත්ගේ දුරකථන පක්ෂයේය.
තතු එසේව තිබියදි ඊයේ මිගමුව පෙරියමුල්ලේ පැවැති එජාප ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ෂාපි රහිම් ගේ රැස්විමේදි දුටු දසුන අප අන්ද මන්ද කර තිබුණි.
එනම් මෙන්න දැන් රිෂාඩ්ගේ ඊෂාක් දැන් එජාපටය එක්ව සිටි. ්
පසුගිය පළාත් පාලන මැතිවරණයේදි එජාප පලාත් පළාන ආයතනයක් පිහිටුවිමට එරෙහිව ලංසාගේ ඇහින්දාස් පෙරමුණට එක්වු ඊෂාක් ඊයේ පැවති පෙරියමුල්ල රැස්විමේදි එජාපය ගැන ඉහල වර්ණනාවක් කරමින් කථාවක්ද පවත්වා තිබුණි.
ඊෂාක් යනු ලංසාලාටම ගැලපෙන අස්ථාවාදි දේශපාලකයෙකු බව යළිත් වරක් දැන් ඔප්පු වි තිබේ.ඊෂාක්