මිගමු පොත් වංචාවට නගර සභා ලොක්කන් මෙන්ම සොක්කන්ද පැටලෙන ලකුණු ..

0
101

ඉතිහාසය පුරාම සිදුකර ඇතැයි සැක කළ හැකි දුප්පත් දරුවන්ට නොමිලේ ලබාදිමට යැයි කියා වෙන්කර තැබු අභ්‍යාස පොත් විකිණිමේ ජාවාරමක් රටටම හෙළිකිරිමට විපක්ෂ මන්ත්‍රින් පිරිසකට පසුගියදා හැකිව තිබුණි.
මේ සිදුවිම හේතුවෙන් මිගමු මහනගර සභාව තුල ගිනි පත්තුවි ඇති සෙයකි.
එයට හේතුව වන්නේ මෙසේ පොත් අලෙවි කරනු ලැබ ඇති පොහොට්ටු තරුණ නායකයා දැනටමත් තමන්ට පොත් ලබාදුන් මන්ත්‍රිවරුන් දෙදෙනෙකුගේ පමණක් නම් ප්‍රකාශ කර තිබිමත් සැබැවින්ම මෙම පොහොට්ටු තරුණ නායකයාට පොත් ලබාදි ඇති තවත් ලොක්කන් මෙන්ම සොක්කන්ද සිටින බවත් මේ වනවිටත් මිගමු නගර සභාව තුල ප්‍රසිද්ධ රහසක් බවට පත්ව ඇති නිසාය.
හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට යැයි කිවා සේ අපට දැන් සිදුව ඇත්තේ බලාසිටිමටය.
දැනට වාර්තා වන අන්දමට තමන්ට පොත් දුන් අය ලෙසින් එජාපය නියෝජනය කරමින් මෙවර අයවැයට පක්ෂය ජන්දය ප්‍රකාශ කළ සජිත් මොහාන් නාගරික මන්ත්‍රිවරයා මෙන්ම තලාහේන පෙරුවේ පොහොට්ටු මන්ත්‍රි ජුඩ් ප්‍රනාන්දුද සිටින බව වාර්තාවේ.

එහෙත් සැබැ කථාව නම් මේ ආකාරයෙන් කඩ කරා ගිය පොත් ලබාදුන් තවත් තුන්දෙනකුගේ නම් දැනටමත් කියැවෙන්නට පටන් ගෙන ඇති පසුබිමක ඒ තිදෙනා අතර නගරාධිපතිගේ නමද කියැවෙන බවක් ද සැලය.එමෙන්ම කාන්තා මන්ත්‍රිවරියන් දෙදෙනෙකුද වේ.
දුප්පත් දරුවන්ට නොමිලේ දෙන පොත්වලිනුත් මුදල් ගසා කන තරමට මිගමුවේ දේශපාලකයන් දීන වි ඇති ආකාරය මිගමුවේ සියළුම බදු ගෙවන ජනයා දැනගත යුතුය තිබේ.